spot_imgspot_img

ප්‍රතිපෝෂණ ලබා ගැනීම – SKS ක්‍රමය

දුක්ගැනවිල්ලක් යනු, සැබෑවට ම හෝ යම් කිසි කරුණක් නිසා සිතෙහි ඇති කර ගන්නා ලද වැරදි වැටහීමක් හේතුවෙන් සිදු කරන නො කැමැත්ත ප්‍රකාශ කිරීමකි. ඔබට සේවා නියුක්තිකයන්ගේ එදිනෙදා වැඩ කටයුතු පිළිබඳ දුක්ගැනවිලි අසන්නට සිදු වීම එතරම් අරුමයක් නොවේ. කෙසේ වුවත්, දුක් ගැනවිලි යනු තවත් එක් ප්‍රතිපෝෂණ (Feedback) ලැබීමේ එක් ආකාරයක් ලෙසට හැඳින්විය හැකි ය. මුල් අවධියේදීම හඳුනාගෙන ඒවාට නිසි පිළිතුරු ලබාදිම තුළින් එම ඍණාත්මක ප්‍රතිපෝෂණ, දුක් ගැනවිලි කරා වර්ධනය වීම වළක්වාගත හැකි වනු ඇත.

සේවා ස්ථානයෙහිදී ඔබ යටතේ සේවය කරන පිරිස දෙස, ඔවුන්ගේ දෘෂ්ටි කෝණයෙන් ඔවුන්ගේ ගැටළු දෙස බලන්නේ නම් ඇතැම් අවස්ථාවන්හිදී දුක් ගැනවිලි ඇතිවීම නොවැළැක්විය හැකි බව ඔබට වැටහෙනු ඇත. මෙවැනි තත්ත්ව වටහා ගැනීම තුළින්, සේවා නියුක්තිකයන්ගේ ප්‍රතිපෝෂණ (Feedback) ලබා ගැනීම, සමාගමක දිගු කාලීන පැවැත්මට අතිශයින්ම වැදගත් වේ. එමෙන්ම, මෙසේ ප්‍රතිපෝෂණ ලබා ගැනීමෙන් සමාගමට එහි කාර්යක්ෂමතාව වැඩි කිරීමටත්, සේවා නියුක්තිකයන් තුළ සමාගම කෙරෙහි පවතින පක්ෂපාතිත්වය හා විශ්වාසය වර්ධනය කිරීමටත් හැකියාව ලැබෙනු ඇත. එලෙසින් ම ඔබේ පාරිභෝගිකයින්ගෙන් ලැබෙන ප්‍රතිපෝෂණය ද ඒ හා සමානව ම වැදගත් වේ. එම නිසා සමාගමක් සංවර්ධනය වීමට නම් නිතිපතා ප්‍රතිපෝෂණය (Feedback)  ලබා ගැනීම අතිශය වැදගත් වන බව දැන් ඔබට පැහැදිලි වනු ඇත.

මේ ප්‍රතිපෝෂණ ලබා ගැනීමේ කටයුත්ත සිදු කිරීමට හොඳම ක්‍රමයක් ලෙස “SKS (Stop- Keep- Start) ක්‍රමය” හඳුන්වා දිය හැක. මෙම  “SKS ක්‍රමය” ඔබේ සමාගම අපේක්ෂා කරන ප්‍රතිඵල මුදුන් පමුණුවා ගන්නට සුදුසු ම ක්‍රමය ද විය හැක. එමෙන් ම මෙම ක්‍රමය ඉතා සරල වන අතර පහත පරිදි එය විස්තර කළ හැක.

STOP ( නවත්වන්න)

ඔබ නැවැත්විය යුතු දේ මොනවාද ? ඇතැම් විටෙක ඒ දේ ඔබ දිනපතා කරනා දෙයක් විය හැක. නමුත් ඔබ එය නැවැත්විය යුතුය. ඔබ දිනකට මිනිත්තු 30ක් 40ක් පමණ නාස්ති වන ලෙසින් දිනපතා රැස්වීම් පවත්වන්නේ යැයි සිතන්න. එහෙත් ඔබ ආයතනයේ සැලකිය යුතු මට්ටමේ යාවත්කාලීන වීමක් (Update) සිදු කළ යුත්තේ දින තුනකට වරක් නම්, ඇතැම් විට ඔබේ සේවා නියුක්තිකයන් දිනපතා රැස්වීම් නවත්තන්නට යෝජනා  ගෙන එනු ඇත. සමහර විට එසේ රැස්වීම පුරුද්දක් වශයෙන් සිදු කරන නිසා එය එතරම් ගැටලුවක් යැයි ඔබ නො දකින නමුත් ඒ තුළින් වැඩ කරන පැය ගණන කෙතරම් අපතේ යනවා දැයි පෙන්වා දීමට සේවා නියුක්තිකයන්ට හැකියාව ඇත. 

KEEP ( පවත්වා ගෙන යන්න)

ඔබ විසින් දිගටම සිදු කර ගෙන යා යුත්තේ මොනවාද?  ඇතැම් විට ඔබ දැනුවත්ව හෝ නොදැනුවත්ව සිදු කරන යහපත් දේ තිබිය හැක. එසේ සිදු කරන සමහරක් යහපත් දේ නිසා ඔබේ සමාගමට සිතනවාට වඩා වටිනාකමක් එක් වනවා විය හැක. උදාහරණයක් ලෙස, ඔබ මාසිකව ඔබේ විෂයය ක්ෂේත්‍රයට අයත් සේවකයින් සමඟ පවත්වන සාකච්ඡා ගත හැකියි. එ තුළින් සිය ප්‍රධානියා ව දැනුවත් කිරීමේ අවස්ථාවකට වඩා සේවකයන් ද ඒ හා සමඟ යම් ආකාරයකට සිය කාර්යයන් ඉටු කිරීමට පෙලඹීමක් ලබනවා විය හැකියි. ඒ නිසා මේ ක්‍රමය සියලු ම සේවකයන් සඳහා යොදා ගැනීමට ඔබට හැකියාවක් පවතියි.

START (අරඹන්න)

ඔබ  ඇරඹිය යුත්තේ මොනවාද ? මෙසේ ඇසුවොත්, බොහෝ දෙනා, ඔබ දැනට ක්‍රියාත්මක නො කරන නමුත් ඇරඹුව හොත් වටිනාකමක් එක් විය හැකි දෑ පිළිබඳ ව නොයෙකුත් අදහස් ඉදිරිපත් කරනු ඇත. රැස්වීම් හා සාකච්ඡා පිළිබඳ ව පෙර ගෙන ආ උදාහරණවලට අමතරව තවත් උදාහරණයක් ගැන මෙසේ සිතමු. සුපුරුදු පරිදි වර්ෂ අවසානයේ පවත්වන ඇගැයීම (Appraisal) වෙනුවට වසරකට දෙවරක් ඇගැයීමේ ක්‍රියාවලියක් පැවැත්වීමේ යෝජනාවක් ගැන සිතා බලන්න. ඒ තුළින් ඔබටත් ඔබේ සේවකයන්ටත් ඉදිරි මාස කිහිපය ගැන මනා අවබෝධයක් ලැබීමටත් නිවැරදි කිරීම් සඳහා නිසි උපදේශ ලබා ගැනීමටත් හැකි වනු ඇත.

Get in Touch

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_imgspot_img

Related Articles

spot_img

Get in Touch

Latest Posts

X