spot_imgspot_img

මුල්‍ය අනුපාත

ඔබ ඔබේ ව්‍යාපාරයේ ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන බැංකුවක් හෝ ආයෝජකයෙකු වෙත ළඟා වීමට සූදානම් වන්නේ නම්, ඔබ දිගු කාලීනව ඔබගේ ව්‍යාපාරයේ තත්වය පිළිබඳ සලකා බැලූ බව ඔවුන්ට පෙන්විය යුතුය. ඔබේ ව්‍යාපාරික අදහස විශිෂ්ට විය හැකි නමුත් වඩා වැදගත් වන්නේ ඔවුන් ඔබේ ව්‍යාපාරයේ ආයෝජනය කිරීමට තීරණය කරන්නේ කවර පදනමක් යටතේද යන්න සොයා බැලීමයි.

මූල්‍ය අනුපාත පිලිබඳ අදහසක් ඇති කර ගැනීම වැදගත් වන්නේ මේ අනුවය. ඔබගේ ව්‍යාපාරයේ මූල්‍ය දැක්ම පිළිබඳ ගණිතමය අර්ථකථන ඉදිරිපත් කිරීමට ඒවා භාවිතා වේ. මෙම මූල්‍ය අනුපාත අතර සබඳතා වැදගත් වනුයේ ඒ ඇසුරින් ඔබේ ව්‍යාපාරය වෙනත් බොහෝ සමාගම් සමඟ සංසන්දනය කළ හැකි නිසාම පමණක් නොවේ. එතුලින්  ව්‍යාපාරය කෙතරම් හොඳින් ක්‍රියාත්මක වන්නේද සහ එය වැඩිදියුණු කිරීමට අවශ්‍ය ක්ෂේත්‍ර තේරුම් ගැනීමට අභ්‍යන්තර කළමනාකාරිත්වයට උපිටිවහලක් ලබා ගත හැකි නිසාවෙනි. අනුපාත විශ්ලේෂණය ලෙස හඳුන්වන මෙම ක්‍රියාවලිය ව්‍යාපාරයක ශක්තීන් සහ දුර්වලතා අවබෝධ කර ගැනීම සඳහා කදිම මෙවලමකි.

අනුපාත විශ්ලේෂණයේදී මූල්‍ය අනුපාත කිහිපයක් භාවිතා වන අතර ඒවා බොහෝ විට පහත පරිදි වර්ගීකරණය කර ඇත.

  1. ලාභදායිතා අනුපාත
  2. ද්‍රවශීලතා අනුපාත
  3. කාර්යක්ෂමතා අනුපාත
  4. කාරක ප්‍රාග්ධන අනුපාත
  5. වත්කම් භාවිත අනුපාත

ඔබ අනුපාත පිලිබඳ තවත් උනන්දුවක් දක්වන්නේ නම්, ඔබට විවිධ වර්ගීකරණයන්ද  සොයාගත හැකිය. කෙසේ වෙතත්, ඔබ විෂයය ගැඹුරින් හාරා බැලීමට කැමති නැතිනම්, ඕනෑම ව්‍යාපාරයක් සඳහා පොදු සහ අත්‍යවශ්‍ය වන ඉහත ප්‍රවර්ගවලින් සමහර ප්‍රධාන අනුපාත පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම පමණක් ප්‍රමාණවත් වේ .

ඔබේ ව්‍යාපාරය ස්ථාවර වර්ධනයක් පෙන්නුම් කරන්නේ නම් සහ ණය අවම මට්ටමක තබා ගන්නේ නම්, මෙම අනුපාත පිළිගත හැකි, සෞඛ්‍යමත  පරාසයක් තුළ තබා ගත හැකිය. උදාහරණයක් ලෙස ඔබගේ සමාගමට  අධික ණය තිබේ නම් සහ ඔබේ වියදම් ඔබේ ආදායමට වඩා වැඩි නම්, මේවා පිළිගත හැකි පරාසයක නොතිබෙනු ඇත. ඔබට සරල වෙබ් සෙවුමක් මඟින් ඉහත එක් එක් ප්‍රවර්ගවලට අදාළ  බොහෝ කරුණු  සොයා ගැනීමට හැකි වනු ඇත, එබැවින් අපි ඒවා මෙහි නැවත නැවත සඳහන් නොකරමු.

මූල්‍ය අනුපාත යනු ඔබේ ව්‍යාපාරයේ කාර්ය සාධනය පිළිබඳ ගණනය කිරීම් වන බැවින්, ආයෝජකයින් සහ බැංකු වෙත ළඟා වීමේදී එම අගයන් පිළිගත හැකි පරාසයක් පවත්වා ගැනීම සැමවිටම යහපත් වේ. මූල්‍ය අනුපාත සෞඛ්‍ය සම්පන්න නොවේ නම්, බැංකු  ණය ලබා ගැනීමේදී ව්‍යාපාරයට අවාසිදායක කොන්දේසි මත ණය ලබා දීමට පෙළඹෙනු  ඇත, නැතහොත් ඒවා කිසිසේත් ණය ලබා නොදෙනු ඇත.

කෙසේ වෙතත්, සමහර ආයෝජකයින්, ව්‍යාපාරයක අනුපාත පිළිගත හැකි පරාසයක නොමැති වුවද, අවදානමක්  ගෙන ව්‍යාපාරවල  ආයෝජනය කිරීමට නැඹුරු වේ. ව්‍යාපාර හිමිකරුගේ දැක්ම සහ හැකියාව මගින් ඔවුන් ඒත්තු ගැන්වීමට නැඹුරු වේ, නැතහොත් ව්‍යාපාරයේ  දිගුකාලීන විභවය මගින් ඔවුන්ට ඒත්තු ගැන්විය හැකිය. ඒ අතරම, සමහර ආයෝජකයින් සමහර විට අනුපාත හොඳින් පවත්වා ගෙන ගියත් ඔබේ ව්‍යාපාරයේ ආයෝජනය නොකරනු ඇත, මන්ද ඇතැම් ආයෝජකයින්ට  තක්සේරුව සම්බන්ධයෙන් තමන්ගේම නිර්ණායක ඇති බැවිනි. ආයෝජන තීරණ වෙනත් බොහෝ සාධක මත රඳා පවතින බැවින් මුල්‍ය අනුපාත මතම පමණක් එවැනි තීරණ රඳා පවතින්නේ නැති බව ඔබ තේරුම් ගත යුතුය.

කෙසේ වෙතත්, ඔබේ සමාගමට අදාළ මූල්‍ය අනුපාත නිරන්තරයෙන් පරීක්ෂා කර සෞඛ්‍ය සම්පන්න මට්ටම් වල පවත්වා ගැනීම නුවණට හුරු වන්නේ හොඳින් ක්‍රියාත්මක වන ව්‍යාපාරයක මූලික දර්ශක ලෙස  මෙම මූල්‍ය අනුපාත සලකනු ලබන බැවිනි.

Get in Touch

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_imgspot_img

Related Articles

spot_img

Get in Touch

Latest Posts

X