spot_imgspot_img

තවකෙකු ඒත්තු ගන්වන්නේ කෙසේද?

අපගේ පුරාතන නායකයන් කිසිදා නොපෙනෙන හේතූන් සඳහා සටන් කරමින් හමුදාවන් ගොඩනඟා ඔවුන්ව සටනට ගෙන ගියේ කෙසේදැයි ඔබ කවදා හෝ කල්පනා කර තිබේද? ඒබ්‍රහම් ලින්කන් ඇමරිකානු සිවිල් යුද්ධය අවසන් කළේ කෙසේදැයි ඔබ කවදා හෝ කල්පනා කර තිබේද? හොඳයි, එය සරලයි. ඔවුන් තම ඉලක්කය සපුරා ගැනීම උදෙසා තවකෙකු  ඒත්තු ගැන්වීමට විශිෂ්ට ලෙස සමර්ථ විය. එසේනම්, ව්‍යවසායකයෙකු වන ඔබට මෙම තවකෙකු ඒත්තු ගන්වන කුසලතාව අවශ්‍ය වන්නේ ඇයි?

ඵලදායි ලෙස සන්නිවේදනය කිරීමට සහ යමක් පිළිබඳ පුද්ගල දැක්ම වෙනස් කිරීමට ඇති හැකියාව ව්‍යවසායකයෙකුට තිබිය හැකි වැදගත්ම කුසලතාවකි, මන්ද හුදෙක් ව්‍යවසායකයෙකු යනු වෙනස් කිරීමේ නියෝජිතයකු වන බැවිනි. ව්‍යවසායකයෙකු ලෙස ඔබ වෙළඳපලට නව නිෂ්පාදනයක් හෝ සේවාවක් තුලින් නව්‍යතාවයක් ගෙන එයි, පාරිභෝගිකයින්  මීට පෙර අත්විඳ නැති මෙම නව්‍යතාවය මිලදී ගැනීමට අන් අයට ආරාධනා කරයි. පාරිභෝගිකයෝ  ඔබේ භාණ්ඩය අන්ධ ලෙස විශ්වාස කර මිලදී නොගනිති එමෙන්ම  ආයෝජකයින් ඔවුන්ට ප්‍රගතිය, දියුණුව  ගැන ඒත්තු ගැන්වීමට නොහැකි සමාගම්වලට අරමුදල් සපයන්නේ නැත. ඔබ එවැනි පාර්ශවකරුවන් ප්‍රවේශමෙන් ඒත්තු ගැන්විය යුතු අතර, ඔබේ ඒත්තු ගැන්වීමේ කුසලතාව වැදගත් වන්නේ මෙහිදීය. ඔබට වඩාත් හොඳින්  ඒත්තු ගැන්වීමට උපකාර වන ඉඟි කිහිපයක් අපි බලමු.

  1. තමා කෙරෙහි විශ්වාසය තබන්න; උද්‍යෝගීමත් වන්න
    Leicester විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් විසින් ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයක් මගින් ප්‍රයිස් ඇන්ඩ් ස්ටෝන් (2004) විසින් කරන ලද සොයාගැනීම් නැවත නැවතත් අවධාරණය කර ඇති අතර, වඩාත් විශ්වාසදායක මැදිහත්කරුවෙකු වඩාත් නිශ්චිත ලෙස නිවැරදි විනිශ්චයන් ලබා දෙන අතර වඩා දැනුමක් ඇති බව ජනතාව උපකල්පනය කරයි. ඔබ කිසිදු උද්‍යෝගයකින්   හෝ විශ්වාසයකින් තොරව පාරිභෝගිකයින් වෙත ගියහොත්, ඔබ පවා ඔබේ නිෂ්පාදනය විශ්වාස නොකරන බව පාරිභෝගිකයින් දැන ගනු ඇත. ඔවුන් එසේ නම් ඔබගේ භාණ්ඩ හෝ සේවා  මිලදී ගත යුත්තේ  ඇයි?
  2. වඩාත් බලගතු වන්න:
    ඔබ පවසන දෙය පැවසීමට ඔබ සුදුසුකම් ඇති බව ඔවුන් විශ්වාස කිරීමට හේතු දැක්වීමට ඔබට හැකි විය යුතුය. වෛද්‍යවරුන් කර පටි  සහ සුදු කබා පැළඳීමටත්, පොලිස් නිලධාරීන් ලාංඡනයක් පැළඳීමටත් හේතුවක් තිබේ – ඒවා ඔවුන්ගේ අධිකාරියේ සහ විශ්වසනීයත්වයේ දෘශ්‍යමාන සලකුණු වේ. එම විශ්වසනීයත්වය හෝ බලගතු බලය නොමැතිව, ඔබට  කිසිවෙකුට ඒත්තු ගැන්වීමට අපහසු වනු ඇත. මේ සඳහා ප්‍රතිකර්මය වනුයේ ඔබගේ බලාත්මක විෂය තුළ බලය සහ දෘශ්‍යතාව ඇති ශක්තිමත් පැතිකඩක් ගොඩනැගීමයි. ඔබ අඳින පළඳින දේ ගැන හෝ සංවාදයකදී ඔබ මුලින් පවසන දේ ගැන යමක් ඔබේ බලගතුභාවය  තහවුරු කර ගැනීමට උදවු කළ හැකිද? එය අදාළ විෂය පිළිබඳ ඔබේ අත්දැකීම විය හැකිය, නැතහොත් සංවාදයට අදාළ ඔබේ සුදුසුකම් විය හැකිය. කෙසේ වෙතත් එය හුදු පුරසාරම් දෙඩීමක්  ලෙසට නොපැමිණිය යුතුය! එය ඔබේ දක්‍ෂතාවයේ සෘජු විදහා දැක්වීමක් ද විය හැකිය.

    බොහෝ බටහිර වෙඩි තැබීමේ දර්ශන ආරම්භ වීමට බොහෝ වෙලාවකට පෙර තුවක්කු කරුවන් තම පිස්තෝලවලින් තම දක්ෂතාවය ප්‍රදර්ශනය කිරීම හෝ සටන් කලා සටන්කරුවන් විවිධ සටන් ශිල්ප ක්‍රම දැක්වීම හරහා වාදයක් හෝ සටනක් ඇති වීමට පෙර  සමථයකට පත් කිරීමේ  උත්සාහ කිරීමකි.
  3. ඔබ ඒත්තු ගැන්වීමට උත්සාහ කරන පුද්ගලයා තේරුම් ගන්න:
    ඔබ ඔබේ ප්‍රේක්ෂකයින් තොරතුරුවලින් සන්නද්ධ  කිරීමට උත්සාහ කිරීමට පෙර, ඔහු/ඇය ඔබේ නිෂ්පාදනය ගැන දුරස්ථව හෝ උනන්දු වන්නේ දැයි පරීක්ෂා කරන්න. එසේ නොමැති නම්, ඔබ ඔබේ කාලය නාස්ති කිරීමෙන් පලක් නැත. ඔහු හෝ ඇය සිටින මනෝභාවය තේරුම් ගෙන ඔවුන්ගේ මනෝභාවයන් සහ රුචිකත්වයන්ට ගැලපෙන කෝණයක් උත්සාහ කරන්න. ඔබේ ප්‍රේක්ෂකයින් පිළිබඳ සංවේදී තක්සේරුවකට එළඹීම, ඔබේ ප්‍රවේශය අනුවර්තනය කිරීමට සහ නිවැරදි ස්වරයෙන් ඒත්තු ගැන්වීමට ඔබට මඟ පෙන්වයි.
  4. නිසි ලෙස ඉක්මන් නොවී නිවැරදිව ප්‍රකාශ කරන්න: 
    ඔබට අවැසි තරම් කාලය ගන්න, පාරිභෝගිකයාට අවශ්‍ය තරම් කාලය දෙන්න, පාරිභෝගිකයාට ඔබ වෙනුවෙන් ඒත්තු ගැන්වීමට ඉඩ දෙන්න. මෙය ප්‍රබලම ඒත්තු ගැන්වීම් වලින් එකකි. ඒත්තු ගැන්වීම ඇත්තෙන්ම සියුම් කලාවකි. ඔබේ වචන ප්‍රවේශමෙන් තෝරා අවශ්‍ය තරම් දෘශ්‍ය ආධාරක භාවිතා කරන්න. ඔබ ඔවුන්ට කිරීමට උපදෙස් දෙන දේ මෙන්ම ඔබේ උපදෙස් අනුගමනය නොකිරීමේ ප්‍රතිවිපාක පිළිබඳ ප්‍රායෝගික උදාහරණ ඔවුන්ට දෙන්න. අධ්‍යයනවලින් පෙන්නුම් කර ඇති පරිදි මිනුමක් ගැනීමට අවකාශ සැලසීමෙන් හා සහ සාධාරණ වීමෙන් පුද්ගලයෙකුට ඒත්තු ගැන්වීමට ඔබට වැඩි ඉඩක් ඇත. එබැවින් සන්සුන් ප්‍රවේශයක් අනුගමනය කරන්න, මේ සියලු ක්‍රියාමාර්ග අත්හදා බලා සාධාරණ ලෙස පෙරළා සාකච්ඡා කිරීමෙන් පසුව ඔවුන් ඒත්තු නොගන්නේ නම්, ඔවුන් පහසුවෙන් ඒත්තු ගැන්විය හැකි යැයි සිතිය නොහැක.

ඔබට පැවසිය යුතු දේ සෑම කෙනෙකුටම ඒත්තු ගැන්වීමට ඔබට නොහැකි වනු ඇත – එය ලෝකය ක්‍රියා කරන ආකාරය නොවේ. නමුත් රැකියාවේදී, ශාස්ත්‍රීය කටයුතුවලදී සහ සමාජශීලි වන  කවර අවස්ථාවක වුවද, ඉහත ක්‍රමෝපායන් භාවිතා කිරීම තුලින් ඔබේ ප්‍රේක්ෂකයින් අතරට වඩා හොඳින් යාමට ඔබට හැකි වනු ඇත.

Get in Touch

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_imgspot_img

Related Articles

spot_img

Get in Touch

Latest Posts

X