spot_imgspot_img

වරලත් නියෝජිතයෙකු ලෙස කටයුතු කිරීමට ක්ෂණික මාර්ගෝපදේශනයක්

ඔබ ව්‍යාපාරික ලෝකයට ඇතුළු වන විට, ඔබට යාමට අවශ්‍ය දිශානතිය  පිළිබඳව ඔබට අවබෝධයක් ලැබෙනු ඇත. එම පළමු තීරණාත්මක පියවර ගැනීමට පෙර සලකා බැලිය යුතු බොහෝ දේ ඇත. ව්‍යවසායකයෙකු වශයෙන්, බිංදුවෙන් ආරම්භ කර ක්‍රමක්රමයෙන් ඔබට  ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කළ හැකිය. ඔබට දැනට පවතින ව්‍යාපාරයක් අයත්  කර ගැනීමට හෝ ඔබව එම ව්‍යාපාරයක කොටස්කරුවෙකු බවට පත් කරන ආයෝජනයක් කිරීමටද හැකිය. ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ තවත් ක්‍රමයක් නම් වරලත් නියෝජිතයක් ලෙස කටයුතු කිරීමට අවශ්‍ය බලය පැවරීමයි, එයට ඊටම ආවේණික වූ  වාසි සහ අවාසි ඇත. මෙම ලිපියෙන්, ඔබට වරලත් නියෝජිතයක් ලෙස කටයුතු කිරීමට බලය හිමිකම සහ ක්‍රියාත්මක කිරීමේ තීරණයක් ගත හැකි ආකාරය දෙස බලමු.

Franchising යනු කිසියම් තෝරාගත් ප්‍රදේශයකට, මව් සමාගමේ  ව්‍යාපාර ආකෘතිය භාවිතා කිරීම සඳහා තනි පුද්ගලයෙකුට හෝ ව්‍යවසායකයකුට, මව් සංවිධානය විසින් ලබා දී ඇති සුවිශේෂී අයිතියකි.

ව්‍යාපාර හිමිකරු විසින් වෙනත් පාර්ශ්වයකට ඔවුන්ගේ වෙළඳ නාමය, නිෂ්පාදනය, ව්‍යාපාර පද්ධතිය සහ ක්‍රියාවලිය භාවිතා කිරීමට අවසර දී ප්‍රතිලාභ ලබා ගැනීමට ඉඩ සලසන ව්‍යාපාරික සබඳතාවක් වේ.

වරලත් නියෝජිතයෙකු ලෙස කටයුතු කිරීම සාර්ථක වන්නේ ඔබේ රුචිකත්වයන්  සහ ව්‍යාපාර ලාභදායිත්වය අතර පරිපූර්ණ සමතුලිතතාවයක් ඇති කර ගැනීමෙනි. මෙය අභියෝගයක් ලෙස දිස් වන නමුදු  ඊට ඇති විකල්පයන් සහ ගතිකත්වයන් හොඳින් පරීක්ෂා කර බැලීමෙන් එය ජයගත හැක.

වරලත් නියෝජිතයෙකු  ලෙස කටයුතු කිරීමේදී සිදු වන්නේ කුමක්ද?

මූලික වශයෙන්, වරලත් නියෝජිතයෙකු ලෙස  බලය පැවරීම හරහා නිෂ්පාදන සහ සේවා බෙදා හැරීමේ මාධ්‍යයක් ක්‍රියාත්මක වේ. වරලත් නියෝජිතයෙකු  ලෙස කටයුතු කිරීමට සම්බන්ධ පුද්ගලයන් අවම වශයෙන් ෆ්‍රැන්චයිසර් සහ ෆ්‍රැන්චයිසි ලෙස මට්ටම්  දෙකක් ඇත;. ෆ්‍රැන්චයිසර් යනු සන්නාමයේ වෙළඳ ලකුණ/වෙළඳ ලකුණු නාමය සහ ව්‍යාපාර පද්ධතියක් ස්ථාපිත කරන්නා වේ. ෆ්‍රැන්චයිසි යනු හිමිකරුගේ නම සහ උපක්‍රම  යටතේ ව්‍යාපාර කරගෙන යාමේ අයිතිය ලබා ගනිමින්, මූලික ගාස්තුවක් ගෙවන අයෙකි.

එබැවින්, ඔබ වරලත් නියෝජිතයෙකු ලෙස  කටයුතු කිරීමට ව්‍යාපාරයක් හා සමබන්ධ වන විට, ඔබ නිශ්චිත වෙළඳ ලකුණක් සහ/හෝ ව්‍යාපාර සංකල්පයක් භාවිතා කිරීමේ අයිතිය ද මිලදී ගනී. ඔබ පවත්වාගෙන යන ව්‍යාපාරය අනෙක් සියලුම ව්‍යාපාර එකම නමින් පවත්වාගෙන යන බව මතක තබා ගත යුතුය. ඔබට නිෂ්පාදන, මෙවලම්, වෙළඳ ප්‍රචාරණ සහාය සහ පුහුණුව වැනි දේ හිමිකරුගෙන් මිලදී ගැනීමට අවශ්‍ය වනු ඇත – මේවා ඔබේ ක්‍රියාකාරිත්වයට වටිනාකමක් එක් කිරීමට සහ සක්‍රීය කිරීමට ඔවුන් විසින් කාලයක් පුරාවට දියුණු කර ඇති දේවල් වේ.

වරලත් නියෝජිතයෙකු ලෙස කටයුතු කිරීමට අවශ්‍ය බලය ඔබ ලබා ගත් පසු, ඊට අදාළ සියළු මෙහෙයුම් බලයලත් ගිවිසුමේ නියමයන් යටතේ ක්‍රියාත්මක වේ. ෆ්‍රැන්චයිසර් විසින් සපයනු ලබන ව්‍යාපාර ආකෘතිය, වෙළඳ නාමය සහ ආධාරක පද්ධතිය ප්‍රාග්ධනය කිරීමට ඇති හැකියාව, වරලත් නියෝජිතයෙකු ලෙස කටයුතු කිරීමට බලය  පැවරීමේ ප්‍රධාන වාසිය ලෙස සැලකේ. KFC, McDonald’s, Taco Bell සහ Burger King වැනි හුරුපුරුදු වෙළඳ නාම කිහිපයක් දෙස බැලුවහොත්, ඒවා සියල්ලම ශ්‍රී ලංකාවේ සහ වෙනත් බොහෝ රටවල ක්‍රියාත්මක වන franchises වේ. දේශීය වශයෙන් වරලත් නියෝජිතයෙකු ලෙස කටයුතු කරන්නේ කවුදැයි ඔබ කවදා හෝ කල්පනා කර තිබේද? ඊටත් වඩා වැදගත් වනුයේ  මේවා බලයලත් නියෝජිත ආයතන  බව ඔබ දැන සිටියාද?

Franchise එකක්  නොහොත් වරලත් නියෝජිතයෙකු ලෙස කටයුතු කිරීමට අවශ්‍ය බලය ලබා ගැනීම.

බලයලත් ව්‍යාපාරයකට ඇතුළු වීමේ වාසි සහ අවාසි දෙස බලමු. බැලූ බැල්මට එය ලාභදායී වුවද, විශේෂයෙන් ව්‍යාපාරික ඥානය හෙවත් ව්‍යාපාර පිළිබඳ මූලික අවබෝධය නොමැති අයට එහි අවාසි ද තිබිය හැකිය.

ඔබට මව් සමාගමෙන් ලැබෙන සහය සහ බලයලත් හිමිකරුගේ සාර්ථකත්ව අනුපාතය බොහෝ දුරට පදනම් වන්නේ හිමිකරුගේ කීර්තිය සහ පවතින වෙළඳපල අවස්ථා මත බව සත්‍යයකි. අනතුරුව, බලය පැවරීමේ ආකෘති අනුගමනය කරන ගෝලීය දැවැන්තයින්, ඔවුන්ගේ බලයලත් දේශීය නියෝජිතයින් හට  අදාළ ප්‍රදේශවලට ගැලපෙන පරිදි පිරිනැමීම් අභිරුචිකරණය කිරීමට ඉඩ දීම සාමාන්‍ය පුරුද්දකි. සමහර විට, මෙය වෙළඳපොළට ඇතුළු වීමට සහ විනිවිද යාමට මෙන්ම දේශීය සගයන් සමඟ තරඟකාරී වීමට ඉවහල්  වනු ඇත. McDonald’s හි ඔබේ ප්‍රියතම McRice හෝ Pizza Hut හි Birizza ගැන සිතන්න, ඒවා අනිවාර්යයෙන්ම වෙනත් රටවල මෙනුවේ නැත.

කෙසේ වෙතත්, ඔබ මව් සමාගමට කොතරම් බැඳී සිටිනවාද යන්න නිසා, ඔබේම ව්‍යාපාරය කෙරෙහි ඔබට කිසිදු පාලනයක් ලබා නොදෙන අතර, ඔබේම නම සන්නාමය සමඟ සම්බන්ධ වී ඇත්තේ ඉතා අල්ප වශයෙනි. උදාහරණයක් ලෙස, ෆ්‍රැන්චයිසර් ගෝලීය මෙහෙයුම සඳහා නව භාවිතයන් හෝ නව සන්නාම තේමාවක් අනුගමනය කරන්නේ නම්, ඔබට අනුගමනය කිරීම හැර වෙනත් විකල්පයක් නොමැත. ගිවිසුම මත පදනම්ව, එවැනි වෙනස්කම් සඳහා ඔබට විශාල මුදලක් වැය විය හැකිය.

වරලත් නියෝජිතයෙකු වීමේදී ඔබ දැනුවත් විය යුතු ලේඛන මොනවාද?

වරලත් නියෝජිතයෙකු වීමේදී ඔබ  ඒ සඳහා අවශ්‍ය සියලුම ලියකියවිලි පරීක්ෂා කර එම ලියකියවිලි රැස් කිරීම අත්‍යවශ්‍ය වේ. පහත දැක්වෙන්නේ එවැනි ලේඛන කිහිපයකි.

  • මෙහෙයුම් අත්පොත
  • පුහුණු වැඩසටහන්
  • නීතිමය ලියකියවිලි – බලයලත් කොන්ත්‍රාත්තුව  සහ බලය පැවරීමේ චක්‍රලේඛය
  • වරලත් නියෝජිතයෙකු වීම සඳහා අලෙවිකරණ ද්‍රව්‍ය – අත් පත්‍රිකා, යෙදුම්, පුවත්පත් නිවේදන සහ වෙබ් පිටු
  • බලයලත් මෙහෙයුම් අත්පොත
  • බලයලත් ලියාපදිංචි අයදුම්පත
  • වරලත් නියෝජිතයෙකු වීම සඳහා වෙළඳ නාම මාර්ගෝපදේශ

Get in Touch

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_imgspot_img

Related Articles

spot_img

Get in Touch

Latest Posts

X