spot_imgspot_img

ගංවතුරකට  මුහුණ දීමට ඔබේ ව්‍යාපාරය සූදානම් කිරීම

ව්‍යාපාර බොහෝ විට වර්ෂාව සහ ගංවතුර වැනි ස්වභාවික අභියෝගවලට මුහුණ දෙන අතර, මේ හේතුවෙන් දේපළ හානි මෙන්ම සාමාන්‍ය ව්‍යාපාරික කටයුතුවලට බාධා වීම්  නිසා  සැලකිය යුතු වශයෙන් අලාභ සිදුවේ. ගංවතුරකින් බේරී යථා තත්ත්වයට පත් වීමට ඔබ ව්‍යාපාරයක් වශයෙන් කෙතරම් සූදානම්ද?

මෙම ලිපිය තුලින් ශ්‍රී ලංකාව තුල  ආපදා පෙර සූදානම, ආපදා අවම කිරීම, ආපදා අවදානම් අවම කිරීම, ධාරිතාව ගොඩනැගීම සහ සහන සේවා සැලසීම  සම්බන්ධීකරණය කිරීම සහ සහාය වීම ඉලක්ක කරගත් සංවිධානයක් වන Asia Pacific Alliance for Disaster Management Sri Lanka (A-PAD SL) (A-PAD ට අනුබද්ධ) විසින් සකස් කරන ලද කරුණු අඩංගු වේ.

ගංවතුර උවදුරුවලට මුහුණ දීම අදියර තුනකින් කළ හැකිය. පළමුවෙන්ම, ගංවතුර ඇතිවීමට පෙර එයට මුහුණ දීමට අප සූදානම් විය යුතුය. එවිට, අප ගංවතුර තත්ත්වයකට මුහුණ දෙන්නේ නම්, කිසිදු හානියක් හෝ අවම හානියක් නොමැතිව ගංවතුරෙන් බේරීමට අප අවධානය යොමු කළ යුතුය. අවසාන වශයෙන්, ගංවතුරෙන් පසු හානියක් සිදුවුවහොත් යථා තත්ත්වයට පත් කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතුය. මේවා පහත පරිදි සාරාංශ කළ හැක.

පින්තුර අනුග්‍රහය: A-Pad SL

පහත රූපයේ දැක්වෙන පරිදි, ව්‍යාපාර සහ ආයතනික පරිශ්‍රයන් සඳහා විශේෂිත තවත් නිශ්චිත මාර්ගෝපදේශ කිහිපයක් නිකුත් කළ හැක.

Image courtesy: A-Pad SL

මේ වන විට, ගංවතුරක් ඇතිවූ විට ඔබ විසින් කළ යුතු දේ සහ නොකළ යුතු දේ පිළිබඳව ඔබට මූලික අවබෝධයක් තිබිය යුතුය. විශේෂයෙන් ඔබේ ව්‍යාපාර කටයුතු ගංවතුර අවදානම් ප්‍රදේශයක සිදු වන්නේ නම්  කරුණාකර පහත දක්වා ඇති අත්පොත බලන්න, එය ඔබට වඩාත් හොඳින් ගංවතුරකට මුහුණ දීමට උපකාරී වනු ඇත.

Get in Touch

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_imgspot_img

Related Articles

spot_img

Get in Touch

Latest Posts

X