spot_imgspot_img

ළමා විනෝදාංශයක් සාර්ථක ව්‍යාපාරයක් බවට පත් කළ හසිත් සඳරුවන්

හසිත් සඳරුවන්, ඔහු කුඩා කාලයේ පටන් ගත් විනෝදාංශයක්, ‘නව ප්‍රියදර්ශණී පැළ තවාන’ නමින් වසර 10ක් පුරා සාර්ථක ව්‍යාපාරයක් පවත්වාගෙන යයි

ඔහු මේ වන විට තවත් 04 දෙනෙකුට රැකියා ලබා දෙන අතර, ඔහුගේ සියලුම සැපයුම්කරුවන්ගේ ජීවනෝපාය උසස් කර ඇත.

“දිරිය කතා” යනු ශ්‍රී ලාංකේය ව්‍යවසායකයින් අගය කිරීමට සහ ඔවුන්ව ලෝකයට හඳුන්වා දීමට මෙන්ම, තවත් ව්‍යවසායකයින් දිරිගැන්වීමට හැකි ජීවිත කතා සම්බන්ධව www.Diriya.lk විසින් ගෙන එනු ලබන ලිපි මාලාවක්.

එම ලිපි මාලාවේ මෙවර ලිපිය සඳහා අප තෝරා ගත්තේ හසිත් සඳරුවන් මහතා.

අපි හසිත්ට ප්‍රශ්න කිහිපයක් ඉදිරිපත් කළා.

01 – ඔබේ ව්‍යාපාරය පිළිබඳව විස්තර කරන්න.

ස්වාභාවික අමුද්‍රව්‍ය භාවිතා කරමින් ගෘහ අලංකරණය හා කාර්යාල ස්ථාන සඳහා  විසිතුරු පැළ හා බදුන් නිර්මාණය කිරීම

කාබනික වගාව ප්‍රජාව අතර ප්‍රචලිත කිරීම සදහා කාබනික ගෙවතු වගා පැළ හා පොහොර නිෂ්පාදනය කිරීම

02 – ව්‍යාපාරය පිළිබඳව අදහසක් පැමිණියේ කවදද? කොහොමද? විස්තරයක්.

කුඩා කාලයේ සිටම විනෝදාංශයක් ලෙස ගෙවතු වගාව හා විසිතුරු පැළ රෝපණය කිරීම සිදු කළ අතර පසුව පවුලේ ස්වයං රැකියාවක් ලෙස මෙම ව්‍යාපාරය ආරම්භ කිරීම

03 – ව්‍යාපාරය ආරම්භය.?

2000 වර්ෂයේ දී පවුලේ ව්‍යාපාරයක් ලෙස ආරම්භ කල අතර වර්ෂ 2015 සිට මාගේ හිමිකාරිත්වයෙන් මෙම ව්‍යාපාරයට නව්‍ය සංකල්ප උපයෝගි කරගෙන පුළුල් වෙළද ජාලයක් ලෙස ව්‍යාප්ත කරගෙන යමි.

04 – ව්‍යාපාරය ආරම්භ කිරීමට ඔබව දිරි ගන්වනු ලැබුවේ කවුද? හෝ ව්‍යාපාරය ආරම්භ කිරීමට ඔබට අවශ්‍ය ශක්තිය ලැබුනේ කොහෙන්ද?

දෙමාපියන් හරහා මෙම ව්‍යාපාරය ශක්තිමත් කිරීමට අවශ්‍ය සහය ලබාදුණි. ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කැළණිය කාර්‍යාල නිළධාරීන්ගෙන් කෘෂිකාර්මික  විෂය ක්ෂ්‍රේත්‍රයට අදාළ පුහුණුව ලැබිණි.

05 – මුහුණ දුන් ලොකුම බාධකය.

කොරෝනා වසංගතය හා රටේ පවතින වර්තමාන  ආර්ථික අර්බුදය හේතුවෙන් වෙළදපොළ ඉලක්ක සාක්ෂාත් කර ගැනීමේ දැඩි අභියෝගාත්මක කාලයක් පැවතීම

06 – ඔබව දිරි ගැන්වූ දෙයක් (කවුරුන් හෝ විසින් කියන ලද්දක් හෝ ඔබ කියවූ යම් දෙයක්).

සර්වෝදය බහු සංස්කෘතික සමාජ ව්‍යවසායකත්ව වැඩසටහන

07 – ඔබ යටතේ සේවය කරන සේවකයින් සංඛ්‍යාව.

සේවකයින් 04

08 – ඔබගේ ව්‍යාපාරයෙන් ප්‍රතිලාභ ලබන අනෙකුත් ආයතන/පුද්ගලයින්.

ගෘහාශ්‍රිතව සුළු පරිමාණයෙන් විසිතුරු මල් හා පැළ වගා කරන පුද්ගලයින්  

09 – ඔබට සිතෙන ආකාරයට ඔබගේ ධනාත්මකම ගුණාංගය.

ඉවසීම හා කැපවීම

10 – ඔබගේ සහ ඔබගේ ව්‍යාපාරයේ තිබෙන අඩුපාඩු.

ව්‍යාපාරය පුළුල් කිරීම සඳහා ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් නොමැති වීම

11 – අනාගත සැලසුම්.

නව පැළ තවානක් නිර්මාණය කිරීම හා ජංගම පැළ අලෙවි කිරීමේ මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක කිරීම

12 – නව ව්‍යවසායකයින්ට ලබාදෙන උපදේශය.

නව්‍ය අදහස් ක්‍රියාත්මක කිරීමට උත්සහ කිරීම

දිරියෙන් ඉදිරියට යන හසිත්ගේ ඉදිරි වැඩකටයුතු සාර්ථක වේවායි කියා Diriya අපි ප්‍රාර්ථනා කරනවා.

ඔබත් ව්‍යවසායකයෙක් නම්, Diriya සමඟ බෙදා ගැනීමට දිරිය කතාවක් ඇත්නම් info@diriya.lk වෙත විද්‍යුත් තැපෑලක් යොමු කරන්න. ඔබේ කතාව ලෝවට ගෙන යන්න Diriya අපි සූදානම්.


Diriya Sri Lanka
Diriya Sri Lankahttps://www.diriya.lk
Diriya.lk is a sustainability and social innovation initiative of Dialog Axiata PLC. The content available herein is aimed solely for the purposes of educating, guiding and assisting Micro, Small and Medium Enterprises (MSMEs) in navigating the challenges of the fast paced business world. As such, Dialog Axiata PLC, its staff, its officers or Directors shall not be liable for any direct, indirect, incidental, special, consequential, or punitive damages or damages for any loss of profits, revenue, business, savings or data, incurred due to the use of the content available on Diriya.lk.

Get in Touch

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_imgspot_img

Related Articles

spot_img

Get in Touch

Latest Posts

X