spot_imgspot_img

තරුණ පරම්පරාවට ආදර්ශයක් වන 75 හැවිරිදි හෙන්රි

එච්. එම්. හෙන්රි හේරත් මහතා වසර ගණනාවක සිට නුවරඑළිය ප්‍රදේශයේ බෝග වගාවේ නියුතු වූ පුද්ගලයෙක්. ඔහු 2022 වර්ෂයේ Dialog නිධානය ජයග්‍රාහකයෙක් වූ අතර ඒ සඳහා ඔහුගේ බෝග වගාවට ගොවිමිතුරු වලින් ලබා ගත් දැනුම හේතු වුනා.

“දිරිය කතා” යනු ශ්‍රී ලාංකේය ව්‍යවසායකයින් අගය කිරීමට සහ ඔවුන්ව ලෝකයට හඳුන්වා දීමට මෙන්ම, තවත් ව්‍යවසායකයින් දිරිගැන්වීමට හැකි ජීවිත කතා සම්බන්ධව www.Diriya.lk විසින් ගෙන එනු ලබන ලිපි මාලාවක්.

එම ලිපි මාලාවේ මෙවර ලිපිය සඳහා අප තෝරා ගත්තේ එච්. එම්. හෙන්රි හේරත් මහතා.

අපි හෙන්රිට ප්‍රශ්න කිහිපයක් ඉදිරිපත් කළා.

01 – ඔබේ ව්‍යාපාරය පිළිබඳව විස්තර කළොත්?

මම ගෙවතු වගාවේ වසර 20ක පමණ සිට නියැලෙන පුද්ගලයෙක්. බෝංචි, මිරිස්, කරපිංචා, මඤ්ඤොක්කා, වම්බටු, පොල් හා ගම්මිරිස් මධ්‍යම පරිමාණයෙන් වගා කරලා තියෙනවා.

02 – ව්‍යාපාරය පිළිබඳව අදහසක් ආවේ කවද්ද? කොහොමද?

නුවරඑළිය එළවළු වගාවට ප්‍රසිද්ධයි. අපිත් පරම්පරා ගණනාවක සිට නිවසට අවශ්‍ය එළවළු වැවීම සිදු කළා. ඒක පුළුල් කර ගන්න ඕන කියන අදහස ආවේ කොරෝනා බලපෑම සමඟයි.

03 – ව්‍යාපාරය ආරම්භය. 2019

04 – ව්‍යාපාරය ආරම්භ කිරීමට ඔබව දිරි ගන්වනු ලැබුවේ කවුද? හෝ ව්‍යාපාරය ආරම්භ කිරීමට ඔබට අවශ්‍ය ශක්තිය ලැබුණේ කොහෙන්ද?

සාමාන්‍ය කුඩා පරිමාණයේ ගෙවතු වගාවක් පවත්වා ගෙන ගියත් පසු කාලීනව නිවැරදි මාර්ගෝපදේශනය නිසා මධ්‍යම පරිමාණය දක්වා වර්ධනය කර ගැනීමට හැකි වුනා.

05 – මුහුණ දුන් ලොකුම බාධකය.

නිවැරදි තාක්ෂණික දැනුම නැතිකම නිසා පළිබෝධ හානි වලට නිතර නිතර භාජනය වුනා, ඒ වගේම වැරදි පොහොර භාවිතයත් සඳහන් කරන්න පුළුවන්.

06 – ඔබව දිරි ගැන්වූ දෙයක් (කවුරුන් හෝ විසින් කියන ලද්දක් හෝ ඔබ කියවූ යම් දෙයක්).

ගොවිමිතුරු සේවාවෙන් ලැබුණු නොමද සහයෝගය හා මගපෙන්වීම මාව දිරිමත් කළා.

07 – ඔබ යටතේ සේවය කරන සේවකයින් සංඛ්‍යාව.

පවුලේ අයගේ සහයෝගය විතරයි. සේවකයෝ කියලා අය නැහැ.

08 – ඔබගේ ව්‍යාපාරයෙන් ප්‍රතිලාභ ලබන අනෙකුත් ආයතන/පුද්ගලයින්.

එළවළු ආදිය මිල දී ගන්නා අය, රසායනික පොහොර ලබා ගන්නා ව්‍යාපාර.

09 – ඔබට සිතෙන ආකාරයට ඔබගේ ධනාත්මකම ගුණාංගය.

වයස 75ක් වුනත් නොපසුබට උත්සාහය.

10 – ඔබගේ සහ ඔබගේ ව්‍යාපාරයේ තිබෙන අඩුපාඩු.

ඉඩකඩ සීමිත වීම, ප්‍රාග්ධනය නොමැති වීම.

11 – අනාගත සැලසුම්?

දැනට වගාවේ නැති, නමුත් වෙළඳපොළ ලාභ ඉපැයිය හැකි වගාවන් සිදු කිරීම හා පසු අසුවනු හානි අඩුකර තවත් ගුණාත්මක එළවළු වෙළඳපොළට සැපයීම.

12 – නව ව්‍යවසායකයින්ට ලබා දෙන උපදේශය.

දැන් තරුණ පරම්පරාව වගාවන් සඳහා යොමු වීම අඩුයි. නමුත් නිවැරදි මාර්ගෝපදේශන සහිතව ලාභ ඉපැයිය හැකි කෘෂිකර්මාන්තය අත් නොහැරිය යුතුය.

දිරියෙන් ඉදිරියට යන හෙන්රිගේ ඉදිරි වැඩකටයුතු සාර්ථක වේවායි කියා Diriya අපි ප්‍රාර්ථනා කරනවා.

ඔබත් ව්‍යවසායකයෙක් නම්, Diriya සමඟ බෙදා ගැනීමට දිරිය කතාවක් ඇත්නම් info@diriya.lk වෙත විද්‍යුත් තැපෑලක් යොමු කරන්න. ඔබේ කතාව ලෝවට ගෙන යන්න Diriya අපි සූදානම්.

Diriya Sri Lanka
Diriya Sri Lankahttps://www.diriya.lk
Diriya.lk is a sustainability and social innovation initiative of Dialog Axiata PLC. The content available herein is aimed solely for the purposes of educating, guiding and assisting Micro, Small and Medium Enterprises (MSMEs) in navigating the challenges of the fast paced business world. As such, Dialog Axiata PLC, its staff, its officers or Directors shall not be liable for any direct, indirect, incidental, special, consequential, or punitive damages or damages for any loss of profits, revenue, business, savings or data, incurred due to the use of the content available on Diriya.lk.

Get in Touch

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_imgspot_img

Related Articles

spot_img

Get in Touch

Latest Posts

X