spot_imgspot_img

සුපිරි ව්‍යාපාර යෝජනාවක් සකස් කරමු.

යෝජනාවලියක් යනු, ව්‍යාපාර අවස්ථා උදා කරගැනීම වෙනුවෙන් වඩාත්ම වැදගත්වන ලේඛනය යයි කිව හැකියි. සාර්ථකව ව්‍යාපාර අවස්ථා ළඟා කරදෙන යෝජනාවලියක් සකස්කිරීම එක්තරා අන්දමක සියුම් කලාවකි. ඇත්ත වශයෙන්ම, එය ඔබ ආදරය කරන පුද්ගලයෙකුට යම් යෝජනාවක් ඉදිරිපත් කරනවා හා සමානය. කාලයක් පුරාවට යෝජනාවලි ඉදිරිපත් කරන විට, ඔබට එය ඉතා හොඳින් සිදු කිරීමට හැකි වනු ඇති. කෙසේ වෙතත්, යෝජනාවලියක් ඉදිරිපත් කිරීමේදී කළ යුතු හා නොකළ යුතු දේ ඇත. ඒවා මොනවාදැයි සොයා බලමු.

සිදු කළ යුතු දේ ;

  1. සේවාදායකයාගේ අපේක්ෂාව කුමක්දැයි සැමවිටම මතක තබා ගන්න.
  2. ඔබ ඉදිරිපත් කිරීමට යන සංකල්පය හෝ නිෂ්පාදනය පිළිබඳව ගැඹුරු අවබෝධයක් ලබා ගන්න.
  3. ඔබේ යෝජනාවලිය, අනෙක් පාර්ශවයට තේරුම් ගත හැකි ලෙස ඉදිරිපත් කරන්න. සෑම විටම ඔබ ඔවුන් සිටින තත්වය හඳුනා ගෙන, ඔවුන්ගේ කෝණයෙන් සිතා බලන්න.  
  4. ඔවුන්ගේ ප්‍රශ්නවලට හැකි තරම් පැහැදිලිව පිළිතුරු සපයන්න.
  5. ඔබේ ව්‍යාපාරික යෝජනාවලිය අධිතක්සේරු කිරීමට හෝ අවතක්සේරු කිරීමට උත්සාහ නොකරන්න. පවතින ස්වරූපය එලෙසින්ම පැහැදිලි කරන්න.

සිදු නොකළ යුතු දේ ;

  1. කිසි විටෙකත් අසත්‍ය තොරතුරු ඉදිරිපත් නොකරන්න.
  2. යෝජනාවලිය ඉදිරිපත් කිරීම අවශ්‍ය පමණට වඩා දිගු නොකරන්න, සෑම විටම අත්‍යවශ්‍ය දේ පමණක් ඇතුළත් කරන්න.
  3. අවශ්‍ය පමණට වඩා විශ්වාසයෙන් හෝ අහංකාර ලෙස කතා නොකරන්න. ඔබේ කතා කිරීමේ විලාශය / ස්වරය පිළිබඳ අවධානය යොමුකරන්න. නොසැලකිලිමත්වීම හේතුවෙන් සිදුවන වැරදීම් වළක්වා ගන්න. ඔබේ යෝජනාවලිය ඉදිරිපත් කරන්නට පෙර හැකි තරම් වාරයක් නැවත කියවා බලන්න.

ඉහත විස්තර කර ඇති දේ හුදෙක් ඔබව නිවැරදි මාවතකට ගෙන යාම සඳහා වූ මාර්ගෝපදේශ පමණකි. ඔබ සිදු කරන්නේ ඔබගේ පළමු යෝජනාවලි ඉදිරිපත් කිරීම වුවත්, දහස් වෙනි යෝජනා ඉදිරිපත් කිරීම වුවත් මේ උපදෙස් පිළිපදින්න. ඔබට සුබ පැතුම්!

Get in Touch

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_imgspot_img

Related Articles

spot_img

Get in Touch

Latest Posts

X