spot_imgspot_img

සැපයුම්කරුවෙකු වන්නේ කෙසේද ?

රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ සැපයුම්කරුවෙකු වීමට ඔබ කැමතිද? එසේ නම්, ඔබට පහත දැක්වෙන වගුවේ දැක්වෙන පියවර හතර ඉතා වැදගත් වනු ඇත.

ආරම්භයට නොබියව මුහුණ දෙන්න

  • ඉදිරිය සැලසුම් කරන්න – වෙළඳපොළ ස්වභාවය තේරුම් ගන්න. ඒ අනුව තමන් නිවැරදි මාවතේ, අප්‍රමාදව ගමන් ගන්නා බවට තහවුරු කරගන්න.
  • ඔබේ කාර්ය මණ්ඩලය සූදානමින් දැයි සොයා බලන්න.
  • ව්‍යපෘති යෝජනාවලිය හෝ හෝ අර්පණය (Proposal or offer) සමග ලබා දීමට තිබෙන ප‍්‍රමිතගත ද්‍රව්‍ය  (Standard Materials) සූදානම් කර තබා ගන්න.
  • ව්‍යපෘති යෝජනාවලි (Proposals) සකසන්න  කාර්ය මණ්ඩලය පුහුණු කරන්න.
  • වෙනත් ව්‍යාපාරික ආයතන සමග සහයෝගයෙන් වැඩ කිරීමට ඇති අවස්ථාවන් හඳුනා ගන්න. ඔවුන්ගේ දැන් අවශ්‍යතාව හා අනාගත අවශ්‍යතා පිළිබඳව මනා  පර්යේෂණයක් (research)  කරන්න.

ඔබ  සැපයුම් කිරීමට සූදානම් වන්නේ (Offer) කුමක්දැයි  පැහැදිලි කරගන්න.

  • ඔබ කොතරම් ස්ථාවරද, ඔබට ඉදිරියේදී සැපයුම් කිරීමේ හැකියාව පවතීදැයි පෙන්වීම ඉතා වැදගත්.
  • ඒ සඳහා  ලංසු ලේඛනය (bid document) හොඳින් පරීක්ෂා කරන්න. ඉන් පසු එහි  දී ඇති උපදෙස් පිළිපදින්න.
  • පිරිනැමුමක් ඉදිරිපත් කිරීමේ අවසන් අරමුණ වන්නේ ලංසුව දිනා ගැනීමයි.  නමුත් එය අවස්ථාව මත රදා පවතින බව මතක තබා ගන්න.
  • පිරිනැමුමක් (Offer) ඉදිරිපත් කරනා විටෙක, ඔබේ ව්‍යාපාරයට ලබා දිය හැකි විශේෂීකරණයක් පිරිනැමුමට (Offer) එකතු කරන්න. මේ නිසා ඔබ ඔබේ සුවිශේෂී වෙළඳ අවස්ථා  (Unique Selling Points) පැහැදිලිව දක්වන්න.
  • ඔබ පාරිභෝගිකයාව හොඳින් තේරුම් ගන්න.
  • සියළු දේ පිළිවෙළට ඇත්දැයි බලන්න, ඔබ ඔබේ ලංසු ලේඛනය (bidding document) නැවත නැවත කියවන්න.
  • සෑම ඇගයුම් කරුවෙකු ම ඒ ක්ෂේත්‍රයේ ප්‍රවීණන් යැයි නොසිතන්න. එමනිසා අරමුණ ඉතා සුපැහැදිලි වන ලෙස ව්‍යාපෘති යෝජනාවලිය (proposal)  සකස් කරන්න.

ඉතා පැහැදිලි අරමුණු හා නිසි කාල රාමුවක් පවත්වා ගන්න.

  • ලංසුව ලබාගත් විගස සියල්ල සාර්ථක විණි යැයි නොසිතන්න. වැදගත්ම කොටස ඇරඹෙන්නේ ඉන් පසුවයි.
  • වාසනාව හැමදා ඔබ හා නොරැඳෙනු ඇත. එමනිසා ලද අවස්ථාවෙන් ඔබේ සේවාදායකයා තෘප්තිමත් කිරීම අත්‍යවශ්‍යය වේ. එමෙන් ම ප්‍රමාදයකින් තොරව සැපයුම් කිරීමද ඉතා වැදගත් ය. .
  • හොඳ කාර්ය සාධනයක් (performance)පවත්වා ගැනීම ඉතා වැදගත් වේ.
  • නමුත් කොන්ත‍්‍රාත්තුවට අනුකූලව කටයුතු කිරීම. කාර්ය සාධනය (performace) වැඩි කරගන්නවාට වඩා වැදගත් බවත් මතක තබා ගන්න.
  • සේවාදායක සබඳතාවලදී (Client Relations)අවංකකම සුරැකිය යුතුය.
  • සෑමවිටම සේවාදායකයාව කොන්ත‍්‍රාත්තුවේ ප‍්‍රගමනය (Prograss)  ගැනදැනුවත් කරන්න.
  • සෑමවිටම විකල්ප සැලැසුමක් තබාගන්න. අනපේක්ෂිත අවස්ථාවන් ඉදිරියේ ඒවාට මුහුණ දීමට විකල්ප අවශ්‍යය වේ. 
  • සෑමවිටම ඔබට අවාසිදායක විය හැකි කරුණු ගැන සැලකිලිමත් වන්න. (Be proactive)
  • ඔබේ කොන්ත‍්‍රාත්තුවට අවශ්‍ය ගෙවීම් ලබා ගැනීමට පෙර, කොන්ත‍්‍රාත්තුවේ ඇති සියලු දේ ඔබ විසින් සේවාදායකයා (Client) වෙත ලබා දී ඇත්දැ’යි සොයා බලන්න.
  • ඔබේ ව්‍යාපෘ තිය අවසන් වෙන්නේ සේවාදායකයා තෘප්තිමත් වූ පසු බව මතක තබා ගන්න.

ව්‍යාපෘතිය සම්පූර්ණ වූ පසු විශ්ලේෂණයක් කරන්න. ඊළග ලංසුව (bid) මිලකට සැලසුම් කරන්න.

  • කාර්ය සාධනය පිළිබඳ විශ්ලේෂණයක් (Performance Analysis) කරන්න. මෙම ව්‍යාපෘතියෙන් පසු කළ යුතු දේ හා නොකළ යුතු දේ කුමක් දැයි තීරණය කරන්න.
  • ව්‍යාපෘතිය අවසන් වූ පසු, ව්‍යාපෘති කණ්ඩායමත් සමග (Project Team), ව්‍යාපෘතිය සිදුවුණ ආකාරය ගැන  විශ්ලේෂණයක යෙදෙන්න.
  • සේවාදායක ප‍්‍රතිචාර (Client feedback) මත අනාගත සැලසුම්  ක‍්‍රියාත්මක කරන්න.
  • ඔබේ ව්‍යාපෘතිය ගැන (නිෂ්පාදන කාර්යක්ෂමතා පරීක්ෂණයක්) Product Efficacy Test  එකක් කරන්න. නැත්නම් එවන් ක‍්‍රියාවලියක්  සකසන්න. එවිට, ව්‍යාතියේදී ඔබ මුහුණපෑ ගැටළු මඟහරවා ගත හැක.

Get in Touch

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_imgspot_img

Related Articles

spot_img

Get in Touch

Latest Posts

X