spot_imgspot_img

ආර්ථික කැළඹීම් හමුවේ නොසැලී සිටීමට මනස සූදානම් කිරීමට ක්‍රම

රටේ තත්වය සැබවින්ම අප සියල්ලන්ම යම් නොසන්සුන්තාවයකට ඇති අතර, කිසිදු භේදයකින් තොරව අපි සියල්ලෝම කනස්සල්ලට පත්ව සිටිමු. එම නිසා මෙවන් තත්වයකදී ඔබට ඔබගේ මනස ශක්තිමත්ව තබාගැනීම ඉතාමත්ම වැදගත් වේ. ඒ සඳහා මනස සූදානම් කිරීමට ක්‍රම ඔබට උපකාර කිරීමට උපදෙස් කිහිපයක් මෙන්න.

අපේක්ෂාවන් සුදුසු අයුරින් වෙනස් කරගන්න. සැම විටම ප්‍රශ්ණ අසන්න

ආර්ථිකයේ වෙනස්වීම්, ඔබගේ කණ්ඩායමේ ප්‍රතිචාර ලබා දීම සහ ලබා ගැනීම සදහා ඇති ආකල්පයන් සහ බලාපොරොත්තු නැවතත් සකස් කිරීමට ඉතා හොද අවස්ථාවකි. ඔබ කණ්ඩායම් නායකයෙක් නම්, “ඔබ මගේ භූමිකාවේ සිටියේ නම් ඔබ වෙනස් කිරීමට උත්සාහ කරන කරුණු තුන කුමක්ද?” ඔබගේ කණ්ඩායමෙන් ඇසීමට උත්සාහ කරන්න. ප්‍රතිචාර සඳහා විවෘතභාවය ආදර්ශනය කිරීම ඔබේ සගයන්ටද ප්‍රතිචාර පිළිගැනීමට පහසු කරයි.

මනස සූදානම් කිරීමට ඉක්මන් නොවන්න

වර්ධන මානසිකත්වයක ප්‍රතිලාභ ගැන කතා කිරීමට අප සියල්ලන්ම කැමැති වුවද, නව ක්‍රමවේදයක් ඉගෙන ගැනීම අභියෝගාත්මක වන අතර මෙහිදී ක්ෂණික, මැනිය හැකි ප්‍රගතියක් නොමැතිකම නිසා අප අධෛර්යමත් විය හැකිය. එවන් අවස්ථාවලදී ඔබ ඔබත් අන් අය සමගත් නම්‍යශීලී වීම ඉතා වැදගත්ය. ක්ෂණික ප්‍රතිඵල නොමැතිකමට වඩා, දරන උත්සාහය සහ එම උත්සාහයෙන් ඔබ ඉගෙන ගන්නා වටිනා කරුණු කෙරෙහි අවධානය යොමු කිරීමට උත්සාහ කරන්න.

මෙහි ඇති මනෝවිද්‍යාත්මක වැදගත්කම තේරුම් ගන්න

අපගේ මානසිකත්වය අපගේ ඵලදායිතාවයට තීරනාත්මක වන අතර එය අපගේ ආර්ථිකයේ ක්‍රියාකාරීත්වයටද එය සම්බන්ධ වේ. මනෝවිද්‍යාඥයින් සේවක නියැලීමේ සහ කාර්ය සාධනයේ ප්‍රධාන ධාවකයක් ලෙස වර්ත්මාන මොහොතේ රැදී සිටීමට ඇති හැකියාව හඳුනා ගනී. මනෝවිද්‍යාත්මක උපයෝගිතාව යනු අපගේ කාර්යය කෙරෙහි අවධානය යොමු කිරීමේ අපගේ හැකියාවයි. එය අප කනස්සල්ලෙන් සිටින විට හා අවධානය වෙනතකට යොමු කරන විට අඩු වේ. යමෙක් මෙම පවතින ආර්ථික ව්‍යාකුලතාවය පිළිබදව සිතන විට ඔවුන් අඩු කාර්යක්‍ෂමතාවයක් දක්වන අතර, ඒ අනුව, අඩු නිෂ්පාදනයක් ඔවුන් විසින් සිදු කරනු ලබයි.

ධනාත්මක බව කෙරෙහි අවධානය යොමු කරන්න

ඔබ කියවන සහ අසන සියල්ල ගැන නොසිතීමට උත්සාහ කරන්න. සමහර විට එය පෙනෙන තරම් නරක නොවිය හැක! ඔබේ මනස ධනාත්මක මආනසිකත්වයකට ගෙන ඒම දිගටම කරගෙන යන්න. මෙය ඔබේ සේවකයන්ටද රැස්වීම්වලදී ඒත්තු ගන්වන්න. එම දවස සඳහා පමණක් ඔබේ රැකියාව අවධානයෙන් කිරීමට මනස යොමු කරන්න. දවස සඳහා නියමිත වූ කාර්යයන් ගණනාවක් සාක්ෂාත් කර ගෙන ඇති විට, ඔබට තෘප්තියක් සහ ධනාත්මක බවක් හැගෙනු ඇත. ඔබේ කණ්ඩායමට මෙය උගන්වන්න.

මෙය ලෙහෙසි පහසු දෙයක් බව අප ඔබට පවසන්නේ නැත. නමුත් අනිත් හැම දේම වගේ ආර්ථික අර්බුදයක් උච්චතම අවස්ථාවට පත්වෙලා ක්‍රමානුකූලව අඩු වීමක්ද ඉන් අනතුරුව සිදුවෙනු ඇත. අප තවමත් සිටින්නේ මෙම අර්බුදයේ ආරම්භක අදියරේ බැවින් සියල්ල අඳුරු බව පෙනේ, නමුත් අපි දැන් බලාපොරොත්තු අත්හරින්නේ නම්, නිසැකවම හෙට ගැන බලාපොරොත්තුවක් ඇති කරගත නොහැක.

මනස සූදානම් කිරීමට ක්‍රම සහ තවත් වටිනා ව්‍යාපාරික දැනුම සඳහා අපේ වෙබ් අඩවිය වෙත පිවිසෙන්න

Get in Touch

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_imgspot_img

Related Articles

spot_img

Get in Touch

Latest Posts

X