spot_imgspot_img

ශක්තිමත් කණ්ඩායමක් ගොඩ නැගීමේ දී කළ හා නොකළ යුතු දෑ

සමබර හැකියාවන්ගෙන් සමන්විත කණ්ඩායමක් ගොඩ නැගීම සේවා ස්ථානයකට බොහෝ සෙයින් වැදගත් වන්නේ ඇයිදැයි ඔබ දන්නවාද? මොහොතකට මාර්ක් සකර්බර්ග් ගැන සිතන්න. Facebook යනු ඔහුගේ අදහසක් හා ඔහු විසින් ආරම්භ කළ දෙයකි,  නමුත් ඔහු සමඟ සිය ශ්‍රමය ලබා දෙමින් කටයුතු කළ වෘත්තිකයන් කණ්ඩායම හා ඔවුන්ගේ හැකියාවන් නොවන්නට, ඔහුගේ සංකල්පය මිනිසුන් අතරට නොයන්නට ඉඩ තිබිණ. නොඑසේ නම්, සියලුම දෑ තනිව කරන්නට පුළුවන් යැයි ඔහු සිතුවා නම් කුමක් වන්නට ඉඩ තිබුණාද?

ඔබේ අදහස් වැඩි දියුණු කර පවත්වා ගෙන යමින් ඔබේ ආයතනයේ කශේරුකාව ලෙස කටයුතු කරන්නේ ඔබේ කණ්ඩායමයි. ඵලදායී කණ්ඩායමක් ගොඩ නගා ගැනීම හා වැඩි දියුණු කර ගැනීම වඩාත් අත්‍යවශ්‍ය කාරණයක් වන්නේ එබැවිනි. ඵලදායී කණ්ඩායමක් ගොඩනගා ගැනීමේදි කළ යුතු හා නොකළ යුතු දෑ කවරේ දැයි අපි විමසා බලමු.

පැහැදිලි අරමුණු හා භූමිකාවක් ගොඩ නගා ගන්න

කණ්ඩායමක් සෑම විටම පැහැදිලි අරමුණක් කරා ගමන් කළ යුතුය. ඔවුන් අතර පෞද්ගලික වශයෙන් හා පැවතීම හා අරමුණ කරා ළඟා වීමේ ක්‍රමවේදයෙහි වෙනස්කම් පැවතියද  අවසානයේ දී ඒ සියලුම දෙනාගේ ඉලක්ක, සමාගමේ මෙන්ම කණ්ඩායමේ පොදු අරමුණු හා සමපාත වීම අනිවාර්යය වේ. නමුත් ඇතැම් විටෙක එයින් කෙනෙකු හෝ යම් පිරිසක් නොගැළපෙන අයුරින් හැසිරෙන අවස්ථා තිබිය හැකි අතර එය කණ්ඩායමේ අනෙක් පිරිසට නොරිස්සන ස්වභාවයක් ඇති කළ හැක. කණ්ඩායමක් මේ ආකාරයෙන් කොටස්වලට බෙදීම නුසුදුසු අතර එකී තත්ත්ව වළක්වා ගැනීමට කණ්ඩායම් නායකයෙක් පත් කර ගැනීම වඩාත් උචිතය.

ඒක පුද්ගල හැකියා දියුණු කිරීම

ඵලදායී කණ්ඩායමක් ලෙස දියුණු වීමට නම් තනි පුද්ගල හැකියා හා කුසලතා ද වර්ධනය කළ යුතුය. මිනිසුන් විවිධාකාර වන අතර ඔවුන් සතුව විවිධ කුසලතා හා හැකියාවන් පවතින බවද සිහි තබා ගත යුතුය. මෙම කුසලතා හඳුනා ගැනීම සහ ඒවා ඉහළ නංවනු වස් එකී පුද්ගලයන්ට සහය ලබා දීම කණ්ඩායමේ වගකීම වේ.  මන්ද යත්, එම කුසලතා කණ්ඩායමක් ලෙසින් ඉදිරියට යා යුතු බැවිනි.

ඵලදායි සන්නිවේදනය

මුළු කණ්ඩායම ම එක් අයෙකු ලෙස කටයුතු කළ යුතුය. එක් අයකුට යම් කිසි ගැටලුවක් හෝ අදහසක් ඇති වූ විට ඒ පිළිබඳව පොදු කතිකාවතක් ගොඩනංවා ගැනීමට  ඔවුන්ට ඉඩ ප්‍රස්තාව හිමි විය යුතුය. කණ්ඩායම තුළ සන්නිවේදනය හැකි තරම් ඉතා සුමටව සිදු විය යුතුය.   එතුළින්  කණ්ඩායමේ සහයෝගිතාව මෙන්ම කාර්යක්ෂමතාවද වැඩි දියුණු කර ගත හැක.

කණ්ඩායමට ක්‍රියාත්මක වීමට ආරක්ෂිත ස්ථානයක් බිහි කිරීම

ආරක්ෂිත ස්ථානයක් යන්නෙන් අදහස් කරන්නේ භෞතික වශයෙන් පමණක්  ආරක්ෂාව ඇති ස්ථානයක් නොවේ. භෞතික  ආරක්ෂාව ද අත්‍යවශ්‍ය වන නමුදු කණ්ඩායම් එකිනෙකා අතර හොඳ හිත පවත්වාගැනීම ද ඒ හා සමානව වැදගත් වේ. මෙමඟින් සේවා ස්ථානය වඩාත් සිත් ඇදගන්නාසුලු හා නව අදහස් සඳහා තෝතැන්නක් බවට පත් වනු  ඇත. එසේම තම සීමාවෙන් පිටත නොයමින්, අන් අයගේ පෞද්ගලිකත්වයට හානියක් නොවන සේ තම අදහස් ප්‍රකාශ කිරීමට හැකි වාතාවරණයක් මේ තුළින් ගොඩ නැගෙනු ඇත.

ආධිපත්‍ය දැරීමට උත්සාහ නොකරන ශක්තිමත් නායකත්වයක් ඇති කරන්න.

නායකත්වය යනු සම්පූර්ණ අධිකාරි බලය ලබා දීමක් නොවේ. නායකයා සැම විටම නව අදහස් පිළිගැනීමට සූදානමින් සිටිය යුතු අතර හැමදෙනාටම තමන්ගේ වැදගත්කම හැඟෙන අයුරින් සියල්ලටම එක හා සමාන ප්‍රවේශයක් ලබා දීමට කටයුතු කළ යුතුය.සියලු දෙනා නිසි දර්ශනයකින් යුතුව කටයුතු කළ යුතු බව කණ්ඩායම් නායකයන්ට වටහා දිය යුතුය.

කණ්ඩායමක් පමණට වඩා විශාල නොවිය යුතුය.

කණ්ඩායම්  සාමාජිකයන් ගණන තේරීම අවදානම් හා තරමක් අපහසු කාර්යයකි. නමුත් කෝකියෝ ප්‍රමාණය වැඩි වීමේ ප්‍රතිඵලය ලෙස නීරස සූපයක් ලැබිය හැකි බව සිහි තබා ගැනීම නුවණට හුරුය.(Too many cooks, spoil the soup)

පෞද්ගලිකත්වයට බලපෑමක් ඇති නොවිය යුතුය.

කලක් ගත වන විට කණ්ඩායමේ සියලුම දෙන එක ලෙසින් සිතන්නට පටන් ගන්නා බව ඔබ දන්නවාද? මේ තුළින් සහජීවනය හා කණ්ඩායම් හැඟීම ඇති වේ. එක වර්ගයේ කුරුල්ලෝ එකට එකතු වන බව සත්‍යයකි. නමුත් කණ්ඩායමක් තුළ එකිනෙකාගේ පෞද්ගලිකත්වය අතිශය වැදගත් වේ. එයට හේතුවන්නේ එකිනෙකා අතර විවිධත්වය තුළින්  කණ්ඩායමක අද්විතීයත්වය වැඩි කිරීම සහ එය අහිමි කර ගැනීම එතරම් යහපත් දෙයක් නොවීමයි.

මේ සියල්ල සිහි තබා ගැනීමෙන් පැහැදිලිවම ඔබේ ජීවිතය පහසු වනවා පමණක් නොව  ඔබේ කණ්ඩායමද තව තවත් ශක්තිමත් වනවා නිසැකය.

Get in Touch

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_imgspot_img

Related Articles

spot_img

Get in Touch

Latest Posts

X