spot_imgspot_img

Sprouting Mushrooms – an enterprising story

ශ්‍රී ලංකාවේ දිනෙන් දින වර්ධනය වන දේශීය සදාචාරාත්මක කෘෂිකර්මාන්තයේ (ethical agriculture) ප්‍රවණතාවයත් සමඟ සමන් කුමාර මහතා සිය ‘සඳලිය බිම්මල්’ ව්‍යවසාය ආරම්භ කළේය. ක්‍රිසලිස් හි එන්ටප්‍රයිස් කණ්ඩායම ඔහුට ප්‍රථම වරට මුණගැසෙන විට ඔහු සෙමෙන් නමුත් අධිෂ්ඨානශීලීව ඔහුගේ ව්‍යාපාරය 40ට වඩා වැඩි බාහිර වගාකරුවන් (out-growers) ප්‍රමාණයකට වර්ධනය කරගෙන තිබුණි. කුමාර විසින් කාන්තාවන් 10 දෙනෙකු සේවයේ යොදවා ඇති අතර බාහිර වගාකරුවන් 100 කට වැඩි පිරිසක් පුහුණු කර ඇත: මෙම බාහිර වගාකරුවන් බඳවා ගැනීමෙන් පසු, ඔහු ඔවුන්ට පුහුණුව, බිම්මල් බීජ පැල සහ ඖෂධ පැළෑටි ප්‍රතිකාර ඇතුළත් පැකේජයක් ලබා දෙයි. එන්ටප්‍රයිස් ප්‍රදානයේ ආධාරය ඇතිව, පෙර පැවති නිෂ්පාදන ධාරිතාවය වූ 15,000 ඉක්මවමින් බාහිර වගාකරුවන් වෙත යන බීජ පැකට් සැපයුම 30,000 දක්වා වැඩි කිරීමට ඔහුට හැකි විය. ඔහු නැවුම් ලෙස, සදාචාරාත්මකව නිෂ්පාදනය කරන ලද හතු පැකට් නිෂ්පාදන ධාරිතාවද දිනකට 600 සිට 3,000 දක්වා වැඩි කර ඇත. වීඩියෝ මාධ්‍යය සිංහල වන අතර, ඉංග්‍රීසි උපසිරැසි සහිතයි.


ශ්‍රී ලංකාව සහ මාලදිවයිනේ යුරෝපා සංගමයේ නියෝජිත පිරිසේ අරමුදල් සම්පාදනයෙන් ක්‍රිසලිස් විසින් ක්‍රියාත්මක කරන ලද එන්ටප්‍රයිස් ව්‍යාපෘතිය, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්හි නිරත වීමට කාන්තාවන්ට සහ තරුණයින්ට හැකියාව ලබාදෙන පරිසරයක් නිර්මාණය කිරීම අරමුණු කරයි. ඌව සහ මධ්‍යම පළාත් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වන මෙය, සම්බන්ධ වූවන්ගේ දර්ශනයන්හි සහ අත්දැකීම්වල පවතින විවිධත්වය සඳහා නිසි පිළිගැනීමක් ලබා දෙන අතරම ලාභදායීත්වයද සහතික කිරීම අරමුණු කරගත් ව්‍යාපාරික ආකෘති භාවිතා කරනු ඇත. එන්ටප්‍රයිස් ව්‍යාපෘතිය හරහා ව්‍යවසායන් ගොඩනැංවීමද (incubate) සිදු කෙරෙනු ඇති අතර, තමන්ට බලපාන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය හා සම්බන්ධ ප්‍රතිපත්ති හා ආර්ථික තීරණ සම්බන්ධයෙන් බලපෑම් කිරීමට කාන්තාවන්ට සහ තරුණයන්ට ඇති හැකියාව ඉහළ නැංවීමටද කටයුතු කෙරේ.

Get in Touch

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_imgspot_img

Related Articles

spot_img

Get in Touch

Latest Posts

X