spot_imgspot_img

දරුවාගේ අනාගතය වෙනුවෙන්: බාධා ජය ගනිමින් ඉදිරියටම

ඩබ්ලිව්. අනුලාවතී තමන්ගේ ආබාධිත පුතාව මොණරාගල රජයේ පාසලකට ඇතුළත් කළා. ඇගේ පුතාව පාසලෙන් ඉවත් කරගැනීමට සිදුවූ විට ඇය ඔහුව බුත්තල ලිට්ල් ටී’ස් මධ්‍යස්ථානයට ඇතුළත් කළා. මෙමඟින් ඇයගේ පුතාට අවශ්‍ය විශේෂ අවශ්‍යතා සහිත අධ්‍යාපනය ලැබුණු අතර, ඇයටද ඇසුරුම්කරණය මඟින් ජීවනෝපාය කර ගැනීමට අවස්ථාවක් ලැබුණා. ක්‍රිසලිස් ආයතනය විසින් ගෙන එන මෙම සුවිශේෂී කතාව ඔබවත් ජීවිතය ජය ගැනීමට උනන්දු කරනු ඇති. වීඩියෝ මාධ්‍යය සිංහල වන අතර, ඉංග්‍රීසි උපසිරැසි සහිතයි.


ශ්‍රී ලංකාව සහ මාලදිවයිනේ යුරෝපා සංගමයේ නියෝජිත පිරිසේ අරමුදල් සම්පාදනයෙන් ක්‍රිසලිස් විසින් ක්‍රියාත්මක කරන ලද එන්ටප්‍රයිස් ව්‍යාපෘතිය, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්හි නිරත වීමට කාන්තාවන්ට සහ තරුණයින්ට හැකියාව ලබාදෙන පරිසරයක් නිර්මාණය කිරීම අරමුණු කරයි. ඌව සහ මධ්‍යම පළාත් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වන මෙය, සම්බන්ධ වූවන්ගේ දර්ශනයන්හි සහ අත්දැකීම්වල පවතින විවිධත්වය සඳහා නිසි පිළිගැනීමක් ලබා දෙන අතරම ලාභදායීත්වයද සහතික කිරීම අරමුණු කරගත් ව්‍යාපාරික ආකෘති භාවිතා කරනු ඇත. එන්ටප්‍රයිස් ව්‍යාපෘතිය හරහා ව්‍යවසායන් ගොඩනැංවීමද (incubate) සිදු කෙරෙන අතර, තමන්ට බලපාන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය හා සම්බන්ධ ප්‍රතිපත්ති හා ආර්ථික තීරණ සම්බන්ධයෙන් බලපෑම් කිරීමට කාන්තාවන්ට සහ තරුණයන්ට ඇති හැකියාව ඉහළ නැංවීමටද කටයුතු කෙරේ.

Get in Touch

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_imgspot_img

Related Articles

spot_img

Get in Touch

Latest Posts

X