spot_imgspot_img

කාන්තා ව්‍යවසායිකාවක් ලෙස සාර්ථක වීම

කාන්තා ‘ව්‍යවසායිකාව’ – ගැහැනිය යන වචනය මෙම යෙදුමට ඉදිරියෙන් තිබිය යුතුය කියන එකම ඇත්තටම ටිකක් ප්‍රශ්නයක්. ව්‍යවසායකයෙකු යනු තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කර ඇති අයෙකි (එය ඉතා සරලව කිවහොත්), එම පුද්ගලයාගේ ස්ත්‍රී පුරුෂ භාවය මෙයට අදාල නොවිය යුතුය. කෙසේ වෙතත්, අසමාන වැටුප්වල සිට ව්‍යාපාරික ලෝකයේ බැරෑරුම් ලෙස නොසැලකීම දක්වා, කාන්තාවන්ට දිනපතාම පාහේ නොයෙකුත් කම්කටොළු වලට මුහුණ දීමට සිදුවී ඇත. ශුභාරංචිය නම් අද, ව්‍යවසායකත්වය සම්බන්ධයෙන් ප්‍රවණතා සකසන සහ බාධක බිඳ දමමින් අනෙකුත් කාන්තාවන් දිරිමත් කරන කාන්තාවන් වැඩි වැඩියෙන් අප සතුව තිබීමයි. එසේ වුවද, සමහර කාන්තාවන්ට තමන්ට යමක් නොමැති බව හෝ ඔවුන් ඔවුන්ගේ කාර්‍යාල තුල නොසළකහරින බව දැනෙන්නට පුළුවන. එබැවින් කාන්තා ව්‍යවසායිකාවක් ලෙස ඔබේ මාවත සකස් කර ගැනීමට උපකාර වන කුඩා සහ ප්‍රයෝජනවත් මාර්ගෝපදේශයක් මෙන්න.

තමා වෘතිකයෙකු ලෙස හැගෙන සේ තමාගේ හැදින්වීම සිදුකරන්න

වෘත්තීයමය කාරණා සම්බන්ධයෙන් බොහෝ කාන්තාවන් මුහුණ දෙන ලොකුම අභියෝගයක් වන්නේ ඔවුන් ප්‍රමානවත් තරම් බැරෑරුම් ලෙස නොසලකන බවයි. මෙය වළක්වා ගැනීම සඳහා, තමාද වෘතිකයෙකු යන හැගීම ප්‍රථමයෙන් ඇති කිරීම අත්‍යවශ්‍ය වේ. උදාහරණයක් ලෙස, “ආයුබෝවන්! මම X‍YZ හි නිර්මාතෘ ටීනා සිල්වා.”

වැඩ සහ ජීවිතයේ සමබරතාවය සාක්ෂාත් කර ගන්න

කාන්තාවන් බහු කාර්යයන් සඳහා විශිෂ්ඨතාවයක් නිතැතින්ම දක්වයි. කෙසේ වෙතත්, ජීවිතය සහ වැඩ එකිනෙක ගැටීමට පටන් ගත් විට, කිසිවෙකුත් මෙම දෙකෙන් එකදු කර්‍යක් හෝ අවසානයේ හොඳින් කරන්නේ නැත. විශේෂයෙන්ම ඔබ ව්‍යාපාරයක හිමිකරුවෙකු වන අතරම, මවක් සහ බිරිඳක් නම් එම රැකියාව සහ ජීවිතයේ සමබරතාවය ළඟා කර ගැනීමට උත්සාහ කිරීම ඇත්තෙන්ම වැදගත් වේ. කාලසටහන් සහ නියමිත කාලසීමාවන් තිබීම සහ ඒවා හැකිතාක් පිළිපැදීම මෙය පහසු කරවන අතර ඔබට ඔබේ වැඩ ගෙදර ගෙන නොයාමට හෝ ඔබේ නිවසෙහි ඇති ප්‍රශ්න රැකියාවට ගෙන ඒමට ඉඩ නොදේ.

විශ්වසනීය ආධාරක පද්ධතියක් ස්ථාපිත කරන්න

ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව අප සැමට ශක්තිමත් ආධාරක පද්ධතියක් අවශ්‍ය වේ. ශක්තිමත් ආධාරක පද්ධතියක් තිබීම අභිප්‍රේරණ සාධකයක් ලෙස ක්‍රියා කරනු ඇති අතර, එය ඔබ ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කරන විට මෙන්ම ඔබ මුහුණ දෙන බොහෝ අවාසි තිබියදීත් ඔබව ඉදිරියට ගෙන යනු ඇත. ඔබේ ආධාරක පද්ධතිය පවුල, ඔබේ සහකරු, දරුවන් හෝ ඔබව හොදින් හඳුනන සහ, ඔබ වෙනුවෙන් පෙනී සිටින සැබවින්ම සමීප මිතුරන් සමූහයක් විය හැකිය.

හුදකලා වීම

සමහර විට ව්‍යවසායකත්වය නිසා තමන්ට හුදකලා බවක් දැනිය හැකිය. ඔබට සේවකයින් 30 දෙනෙකුගෙන් යුත් කාර්යාලයක රැකියාව කරන අයෙකුගේ සිට, තනිවම ඔබගේ නිවසෙහි කාමරයක ඔබගේම ව්‍යාපාරයක් පවත්වාගේන් යන තත්වයකට පත්වෙනු ඇත. එවැනි විටකදී, එම වෙනස්වීම් ඔබගේ මානසික සුවතාවයට බාධාවක් නොවන අයුරින් හසුරවාගන්න. මෙය හුදකලා වීමක් නොව, තමාගේ ජීවිතයේ නව ආරම්භයක් ලෙස සිතන්න.

කාන්තා ව්‍යවසායිකාවක් වීම ආඩම්බර විය යුතු දෙයකි. ඔබට අභියෝග රැසකට මුහුණ දීමට සිදු විය හැකි නමුත් සාර්ථකත්වය කරා යන මාවත කිසිවිටෙක පහසු එකක් නොවීය. ඔබේ වෘත්තීය වර්ධනයට උපකාර කළ හැකි තවත් ඉඟි පිළිබඳව දැනුවත්ව සිටීමට අපගේ අවකාශය නරඹ්න්න.

Get in Touch

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_imgspot_img

Related Articles

spot_img

Get in Touch

Latest Posts

X