spot_imgspot_img

අපද්‍රව්‍ය අවම කිරීම සහ ඵලදායිතාව වැඩිදියුණු කිරීම

නූතන ව්‍යාපාරික ලෝකය ඉතා තරඟකාරී වන අතර, ඕනෑම ව්‍යාපාරයක් දියුණුව සහ අඛණ්ඩ වර්ධනයක් කරා ගමන් කිරීම සඳහා තිරසාර ව්‍යාපාරික භාවිතයන් ප්‍රගුණ කිරීම අවශ්‍ය වේ.  කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් (SMEs) රටක ආර්ථික සංවර්ධනය සඳහා සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරන අතර එම නිසා කසළ අවම කිරීම සහ ඵලදායිතාව වැඩිදියුණු කිරීම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ තිරසාරභාවය පවත්වා ගැනීම සඳහා තීරණාත්මක අංග වේ.  මේවා අපද්‍රව්‍ය අවම කිරීම සහ ඵලදායිතාව වැඩි දියුණු කිරීම සඳහා ගෝලීය වශයෙන් පිළිගත් බොහෝ උපාය මාර්ග වුවද, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ඔවුන්ගේ හැකියාවන් මත පදනම්ව ඔවුන්ගේ ව්‍යාපාර සඳහා වඩාත් සුදුසු ක්‍රම උපායමාර්ගිකව හඳුනාගත යුතුය.

අපද්‍රව්‍ය අවම කිරීමේ මූලික පියවර ලෙස අපද්‍රව්‍ය ජනනය වන ප්‍රදේශ හඳුනා ගැනීම සඳහා කසළ විගණනයක් පැවැත්විය යුතුය.  අපද්‍රව්‍ය සහ බාධක හඳුනාගැනීමෙන් පසු, අමුද්‍රව්‍ය, ශ්‍රමය, කාලය, අරමුදල් වැනි සම්පත් නාස්තිය අවම කිරීම සඳහා නිෂ්පාදන ක්‍රියාවලිය ප්‍රතිනිර්මාණය කිරීම වැනි සුදුසු අපද්‍රව්‍ය කළමනාකරණ ශිල්පීය ක්‍රම ක්‍රියාත්මක කළ හැකිය.  වඩා තිරසාර ද්‍රව්‍ය භාවිතය, කල්තියා සැලසුම් කිරීම, තාක්‍ෂණය සහ උපකරණ සඳහා ආයෝජනය කිරීම, සමස්ත ව්‍යාපාරයේ නිෂ්පාදන ක්‍රියාවලීන් සහ මෙහෙයුම් විධිමත් කිරීම, කාර්යක්ෂමතාව සහ ඵලදායිතාව වැඩිදියුණු කරන අතරම නාස්තිය අවම කිරීමට උපකාරී වේ.  උදාහරණයක් ලෙස බඩුතොග හැසිරවීමට සරල, ගාස්තු රහිත මෘදුකාංගයක් භාවිතා කිරීම මෙහෙයුම් විධිමත් කිරීමට, දෝෂ අවම කිරීමට සහ කාර්යක්ෂමතාව වැඩි කිරීමට උපකාරී වේ.  මෙය සංකීර්ණ ක්‍රියාවලීන් සරල පියවරවලට කැඩීම සහ සාමාන්‍ය කාර්යයන් ස්වයංක්‍රීය කිරීමට සහ ඉහළ වටිනාකම් සහිත ක්‍රියාකාරකම් සඳහා වැඩි කාලයක්  වැය කිරීමට ක්‍රම සොයා ගැනීමෙන් ඔවුන්ගේ කාර්ය ප්‍රවාහ සහ ක්‍රියාවලීන් ප්‍රශස්ත කරනු ඇත.

මීට අමතරව සේවක පුහුණුව සහ සංවර්ධනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම නාස්තිය අවම කරන අතරම ඵලදායිතාව වැඩි දියුණු කිරීමට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට උපකාරී වේ.  නිදසුනක් වශයෙන්, පුහුණුව ලත් සේවකයෙකු තමාට ඇති සම්පත් වඩාත් ඵලදායී ලෙස භාවිතා කරමින් තම කාර්යය ඉටු කරන්නේ කෙසේදැයි දැන සිටිය හැකිය.  ඔවුන්ට මෙම දැනුම සහ ඉගෙනීම් ඔහුගේ සෙසු වැඩ සගයන් වෙත ද හුවමාරු කර ගත හැකිය.  ‘ඇමසන්’ මෙය සැබෑ ජීවිතයේදී ඔප්පු කරන්නේ ඔවුන්ගේ සේවකයින්ට ඔවුන්ගේ සේවා ස්ථානයේ ඵලදායිතාව ඉහළප්‍ර තිශතයකින් වැඩි දියුණු කිරීමට උපකාරී වූ සුවිශේෂී පුහුණුවක් ලබා දීමෙනි.  නව තාක්ෂණයන් පිළිබඳ පුහුණුව ලබා දීම, නායකත්වය සහ කළමනාකරණ සංවර්ධන වැඩසටහන් සඳහා ආයෝජනය කිරීම, අභිප්‍රේරණ වැඩසටහන් පැවැත්වීම, සේවකයින්ට වඩාත් ඵලදායී ලෙස වැඩ කිරීමට උපකාර වනු ඇත.  ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා ඉලක්ක සහ SMART අරමුණු සැකසීම වැඩිදියුණු කළ හැකි ක්ෂේත්‍ර හඳුනා ගැනීමට සහ පවත්වනු ලබන මෙම පුහුණු වැඩසටහන් වල කාර්යක්ෂමතාව පරීක්ෂා කිරීමට හැකි වේ.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට අඛණ්ඩ වැඩිදියුණු කිරීමේ සංස්කෘතියක් ඇති කළ හැකි අතර, ව්‍යාපාරය ක්‍රියාත්මක වන ආකාරය සහ ඒ අතරතුර ක්‍රියාත්මක කළ හැකි ඉතුරුම් මොනවාද යන්න පිළිබඳ බිම් මට්ටමේ දැනුමක් ඇති බැවින්, ඔවුන් රැකියාවේ යෙදී සිටින අතරතුර ක්‍රියාවලීන් විධිමත් කිරීමට ක්‍රම යෝජනා කිරීමට සහ වැඩිදියුණු කළ යුතු ක්ෂේත්‍ර හඳුනා ගනිමින් ඵලදායිතාව වැඩි දියුණු කිරීමට සේවකයින් දිරිමත් කරනු ලැබේ.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට අපද්‍රව්‍ය අවම කිරීම සහ තිරසාර භාවිතයන් ප්‍රවර්ධනය කිරීම සඳහා පාර්ශවකරුවන් සමඟ ද සම්බන්ධ විය හැකිය.  ශක්තිමත් සන්නාම ප්‍රතිරූපයක් ගොඩනගා ගනිමින් නාස්තිය අවම කිරීමට SMEs හට තිරසාර භාවිතයන් භාවිතා කිරීම උපකාරී වේ.  SMEs විසින් තිරසාරත්වය ප්‍රවර්ධනය කිරීම සහ නාස්තිය අවම කිරීම සඳහා නිර්දේශිත ක්‍රියාකාරකම් කිහිපයක් නම්;  කඩදාසි, කාඩ්බෝඩ්, ප්ලාස්ටික් වැනි අපද්‍රව්‍ය සඳහා ප්‍රතිචක්‍රීකරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම, ආහාර අපද්‍රව්‍ය සහ අනෙකුත් කාබනික ද්‍රව්‍ය සඳහා කොම්පෝස්ට් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම, ආහාර පාන සඳහා නැවත භාවිත කළ හැකි බහාලුම් භාවිතා කිරීමට සේවකයින් දිරිමත් කිරීම, තිරසාර හා පරිසර හිතකාමී නිෂ්පාදනවලට ප්‍රමුඛත්වය දෙන මිලදී ගැනීමේ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම සහ ද්‍රව්‍ය, තිරසාර භාවිතයන් සහ ඇසුරුම්කරණ විසඳුම් ඇති සැපයුම්කරුවන් සමඟ හවුල් වීම, පැහැදිලි උපදෙස් සහ පහසු ප්‍රතිචක්‍රීකරණ විකල්ප ලබා දීමෙන් නිෂ්පාදන සහ ඇසුරුම් ප්‍රතිචක්‍රීකරණය කිරීමට පාරිභෝගිකයන් දිරිමත් කිරීම මේ අතර වේ. සියලුම පාර්ශ්වකරුවන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට වඩාත් තිරසාර සහ වගකීම් සහිත ව්‍යාපාරික පරිසර පද්ධතියක් ගොඩනගා ගත හැකිය.

ඉහත ක්‍රමෝපායන්ට අමතරව, මූලික නොවන කාර්යයන් අදාළ ක්ෂේත්‍රවල ප්‍රවීණයන් වෙත ලබා දීම ද නාස්තිය අවම කිරීමට සහ විශේෂයෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා ආයතනික ඵලදායිතාව වැඩිදියුණු කිරීමට හොඳ උපාය මාර්ගයකි.  නිදසුනක් වශයෙන්, විශේෂිත සේවා සපයන්නන් වෙත ගිණුම්කරණය, වැටුප් ලේඛනය හෝ පාරිභෝගික සේවා බාහිරින් ලබා දීම මූලික ව්‍යාපාර ක්‍රියාකාරකම් සඳහා වැඩි කාලයක් වැය කිරීමට සහ පොදු කාර්ය පිරිවැය අඩු කිරීමට උපකාරී වන අතරම ඔවුන්ගේ අදාළ වෙළඳපල තුළ තරඟ කිරීමේ හැකියාව වැඩි දියුණු කරයි.  බාහිර සේවාවන්  ලබා ගැනීමෙන් දියුණු වූ සමාගමකට විශිෂ්ට උදාහරණයක් වන්නේ WhatsApp ය.  WhatsApp තවමත් කුඩා ව්‍යාපාරයක් වූ අවදියේ වුව ද, එය එහි තොරතුරු තාක්ෂණ කුසලතා බාහිරින් ලබා ගත් අතර ඔවුන්ගේ පිරිවැය කාර්යක්ෂමව කළමනාකරණය කළ අතර එමඟින් ඔවුන්ට ඝාතීය ලෙස වර්ධනය විය.

අවසාන වශයෙන්, නාස්තිය අවම කිරීම සහ ඵලදායිතාව වැඩිදියුණු කිරීම අත්වැල් බැඳගත් බව පැහැදිලිය.  අපද්‍රව්‍ය අවම කිරීමේ උපාය මාර්ග අනුගමනය කිරීමෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට දිගු කාලීනව වඩාත් තරඟකාරී, ලාභදායී සහ තිරසාර විය හැක.  අමුද්‍රව්‍ය පිරිවැය අඩු කිරීම, ප්‍රතිචක්‍රීකරණය කිරීම, කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සහ පාරිසරික බලපෑම අඩු කිරීම තිරසාර ව්‍යාපාර ගැන සැලකිලිමත් වන පාරිභෝගිකයින් වැඩි ප්‍රමාණයක් ආකර්ෂණය කර ගැනීමට උපකාරී වේ.  ඵලදායිතාව වැඩි කිරීම යනු ස්වභාවිකවම ගුණාත්මක බව වැඩිදියුණු කිරීම නිසා නැවත වැඩ කිරීමේ පිරිවැය, වන්දි මුදල් ද ඉතිරි වනු ඇත.  එහි ප්‍රතිඵලයක් ලෙස පාරිභෝගිකයන් ද සෑහීමකට පත් වනු ඇත.  මේ අනුව, සාරාංශයක් ලෙස සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ සාර්ථකත්වය සඳහා අපද්‍රව්‍ය අවම කිරීම සහ ඵලදායිතාව වැඩිදියුණු කිරීම ඉතා වැදගත් බව පැහැදිලිය.  කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට වඩාත් තිරසාර හා වගකීම් සහිත ව්‍යාපාරික පරිසරයක් නිර්මාණය කිරීමේදී වැදගත් කාර්යභාරයක් ඉටු කිරීමට ඇති බැවින්, කසළ අවම කිරීම සහ ඵලදායිතාව වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමෙන්, ව්‍යාපාරික ලෝකයේ සහ ඔවුන්ගේම වෙනසක් ඇති කරන මෙම ප්‍රයත්නයට සැලකිය යුතු දායකත්වයක් ලබා දිය හැකිය.


Diriya Sri Lanka
Diriya Sri Lankahttps://www.diriya.lk
Diriya.lk is a sustainability and social innovation initiative of Dialog Axiata PLC. The content available herein is aimed solely for the purposes of educating, guiding and assisting Micro, Small and Medium Enterprises (MSMEs) in navigating the challenges of the fast paced business world. As such, Dialog Axiata PLC, its staff, its officers or Directors shall not be liable for any direct, indirect, incidental, special, consequential, or punitive damages or damages for any loss of profits, revenue, business, savings or data, incurred due to the use of the content available on Diriya.lk.

Get in Touch

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_imgspot_img

Related Articles

spot_img

Get in Touch

Latest Posts

X