spot_imgspot_img

මවක්, බිරිඳක් මෙන්ම සූප ශාස්ත්‍ර ව්‍යාපාරයක හිමිකාරියක් වන නිල්මිගේ කතාව

“Diriya කතා” යනු ශ්‍රී ලාංකේය ව්‍යවසායකයින් අගය කිරීමට සහ ඔවුන්ව ලෝකයට හඳුන්වා දීමට මෙන්ම, තවත් ව්‍යවසායකයින් දිරිගැන්වීමට හැකි ජීවිත කතා සම්බන්ධව www.Diriya.lk විසින් ගෙන එනු ලබන ලිපි මාලාවක්.

ගාල්ල ප්‍රදේශයේ උපත ලබා මේ වන විට නුවර ප්‍රදේශයේ ජීවත් වන ඇය නිල්මි වත්සලා ප්‍රියදර්ශනී, 31 හැවිරිදි වියේ පසුවන දිරිය කාන්තාවක්. ඇය දරුවන් දෙදෙනෙකුගේ සෙනෙහෙවන්ත මවක් මෙන්න දයාබර බිරිඳක්. ඇය Nim’s Kitchen පටන් ගත්තේ සූප ශාස්ත්‍ර ව්‍යාපාරයක් විදියටයි.

එම ලිපි මාලාවේ මෙවර ලිපිය සඳහා අප තෝරා ගත්තේ Nim’s Kitchen හි නිර්මාතෘ නිල්මි ප්‍රියදර්ශනී.

01 – ඔබේ ව්‍යාපාරය පිළිබඳව විස්තර කළොත්.

මගේ ව්‍යාපාරය Nim’s Kitchen සහ House of Cake by Nilmi. කේක් වර්ග, කෙටි කෑම,බත් වර්ග, කල් තියා ගන්න ආහාර, රසකැවිලි, අතුරුපස ආදී ඕනම කෑම වර්ගයක් හදනවා.

02 – ව්‍යාපාරය පිළිබඳව අදහසක් පැමිණියේ කවදද? කොහොමද? විස්තරයක්.

පොඩි දුව හම්බෙන්න ආවාම මම් ජොබ් එකෙන් අයින් වුනා. බබාලාට පොඩි කාලේ ඉඳලාම දුන්නෙ ගෙදර හදපු කෑම. බබාලගේ උපන්දිනවලට ගෙදරම කේක් හැදුවා. ටික ටික කේක් හදන එක ව්‍යාපාරයක් බවට පත් වුනා. ෆේස්බුක් එකේ හදන කේක් දාලා පේජ් එකක් හැදුවා. එහෙම තමයි ඕඩර්ස් ගත්තේ මුල්ම කාලේ.

03 – ව්‍යාපාරය ආරම්භය.

2020 වසරේ.

04 – ව්‍යාපාරය ආරම්භ කිරීමට ඔබව දිරි ගන්වනු ලැබුවේ කවුද? හෝ ව්‍යාපාරය ආරම්භ කිරීමට ඔබට අවශ්‍ය ශක්තිය ලැබුණේ කොහෙන්ද?

හස්බන්ඩ් තමයි මගෙ එකම ශක්තිය. මගේ යාලු අක්ක කෙනෙක් කිව්වා ගෙදර හදන ගමන් පේජ් එකක් එහෙම හදලා ඕඩර්ස් ගන්න කියල .

05 – මුහුණ දුන් ලොකුම බාධකය.

මුල් කාලෙ උපකරණ තිබුණේ නෑ. තියන දේවල් වලින් තමයි කර ගත්තෙ.

06 – ඔබව දිරි ගැන්වූ දෙයක් (කවුරුන් හෝ විසින් කියන ලද්දක් හෝ ඔබ කියවූ යම් දෙයක්).

“දැඩි උත්සාහය දියුණුවේ මාවතයි!”

“Perseverance is The Mother of Success!”

මේක මට ඉගැන්නුවේ මගේ ඉංග්‍රීසි සර්, කමල් සහබන්දු.

07 – ඔබ යටතේ සේවය කරන සේවකයින් සංඛ්‍යාව.

දැනට මම විතරයි

08 – ඔබගේ ව්‍යාපාරයෙන් ප්‍රතිලාභ ලබන අනෙකුත් ආයතන/පුද්ගලයින්.

මගේ පාරිභෝගික පිරිස සහ මට අමුද්‍රව්‍ය සපයන්නන්.

09 – ඔබට සිතෙන ආකාරයට ඔබගේ ධනාත්මකම ගුණාංගය.

හැමවෙලේම මට පුළුවන් කියන විශ්වාසය මට තියෙනවා. කැපවීම, ආසාව, උනන්දුව, උත්සාහය තියෙනවා නම් කරන්න බැරි දෙයක් නෑ.

10 – ඔබගේ සහ ඔබගේ ව්‍යාපාරයේ තිබෙන අඩුපාඩු.

මම තනිවම කළමනාකරණය කරන නිසා, මට ඇණවුම් විශාල ප්‍රමාණයක් භාර ගන්න බැහැ. මම මේ ගැන යමක් කළ යුතුයි.

11 – අනාගත සැලසුම්.

මගේම කියලා කේක් කඩයක් එකක් දාන්න. කේටරින් සර්විස් එකක් පටන් ගන්න එක තමයි අනාගත සැලසුම්.

12 – නව ව්‍යවසායකයින්ට ලබා දෙන උපදේශය.

පටන් ගන්න, මග දී නතර කරන්න නෙවෙයි. හැමදාම කරගෙන යන්න බලන්. කවුරුත් කරන දේ නොකර වෙනස් දෙයක් කරන්න,

දිරියෙන් ඉදිරියට යන නිල්මිගේ ඉදිරි වැඩකටයුතු සාර්ථක වේවායි කියා Diriya අපි ප්‍රාර්ථනා කරනවා.

ඔබත් ව්‍යවසායකයෙක් නම්, Diriya සමඟ බෙදා ගැනීමට දිරිය කතාවක් ඇත්නම් info@diriya.lk වෙත විද්‍යුත් තැපෑලක් යොමු කරන්න. ඔබේ කතාව ලෝවට ගෙන යන්න Diriya අපි සූදානම්.

ඇයගේ ව්‍යාපාරය සම්බන්ධයෙන් නිල්මි සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය නම් ඔබට ඇයව nilmimunasingha91@gmail.com යන විද්‍යුත් තැපෑල ඔස්සේ හෝ 0777221018 යන දුරකථන අංකයෙන් ඇයව සම්බන්ධ කර ගත හැකි.

Diriya Sri Lanka
Diriya Sri Lankahttps://www.diriya.lk
Diriya.lk is a sustainability and social innovation initiative of Dialog Axiata PLC. The content available herein is aimed solely for the purposes of educating, guiding and assisting Micro, Small and Medium Enterprises (MSMEs) in navigating the challenges of the fast paced business world. As such, Dialog Axiata PLC, its staff, its officers or Directors shall not be liable for any direct, indirect, incidental, special, consequential, or punitive damages or damages for any loss of profits, revenue, business, savings or data, incurred due to the use of the content available on Diriya.lk.

Get in Touch

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_imgspot_img

Related Articles

spot_img

Get in Touch

Latest Posts

X