spot_imgspot_img

ව්‍යාපාරවලට විදේශ විනිමය (FOREX) අවශ්‍ය වන්නේ ඇයි?

විදේශ විනිමය, FOREX/FX ලෙසද හැඳින්වේ. ව්‍යාපාරයක පිරිවැය සහ ආදායම් යන දෙකටම මෙය බලපැමක් ඇතිකල හැකි අංගයකි. එක් මුදල් ඒකකයක් තවත් මුදල් ඒකකයක් සඳහා හුවමාරු වන සෑම විටම, ඔබ අවදානමකට නිරාවරණය වන අතර, එනිසාම ඔබ ඔබේ ගෙවීම් උපාය මාර්ග ගැන හොඳින් සිතා බැලිය යුතුය. ඔබට කිසි විටෙකත් මුදල් සමග බැදී ඇති අවදානම සම්පූර්ණයෙන්ම ඉවත් කළ නොහැකි වුවද, විදේශ විනිමය ක්‍රියා කරන ආකාරය සහ, ඔබේ ලාභය සහ වෙළඳාම හැකි තරම් ආර්ථික වශයෙන් ආරක්ෂා කර ගැනීමට ඔබට ගත හැකි පියවර මොනවාද යන්න තේරුම් ගැනීම වැදගත්ය.

පහත දැක්වෙන්නේ ඔබ ඔබේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය පවත්වා ගැනීමේදි FOREX ප්‍රයෝජනවත් වන ආකාරය සහ, ඔබ මතක තබා ගත යුතු වැදගත් කරුණු කිහිපයකි.

ඔබ විදේශයන්හි විකුණන නිෂ්පාදන සහ සේවාවන් සදහා ඩොලර් වලින් අය කිරීම

ඔබ මෙම ප්‍රවේශය ගන්නේ නම්, ඔබ නොදැනුවත්වම විකුණුම් සීමා කරනවා විය හැකිය. උදාහරණයක් වශයෙන්, ඇමරිකානුවන් විදේශ මුදල් භාවිතා කිරීමට පසුබට වන්නා සේම, විදේශීය පාරිභෝගිකයෙකුද ඩොලර් භාවිතා කිරීමට පසුබට විය හැකිය. තම දේශීය මුදලට වඩා ඩොලර් වලින් ගෙවීමෙන් අපහසුතාවයට පත්වන පාරිභෝගිකයන්, වෙනත් ව්‍යාපාරයක් වෙත යොමුවිය හැක.

ඩොලරය සහ දේශීය මුදල් ඒකකය අතර උච්චාවචනය වෙළඳපල සඳහා ඉතා ඉහළ හෝ අඩු මිලකට ද හේතු සාධක විය හැක. දේශීය මුදලින් ඔබේ නිෂ්පාදන සදහා මිල නියම කිරීමෙන්, ඔබට මෙම තත්වය වළක්වා ගත හැකි අතර, විකුණුම් සහ ලාභ වැඩි කර ගත හැක.

විනිමය අනුපාත කිසිවිටෙකත් ස්ථිතික නොවේ

ගෝලීය විදේශ විනිමය වෙළෙඳපොළ තුළ මුදල් යුගල වශයෙන් වෙළඳාම් කරනු ලබන අතර, ඒවායේ අගයන් වෙළඳපල බලවේග අනුව වෙනස් වේ. මුදල් යුගලයක සාපේක්ෂ අගය දිනෙන් දින උච්ඡාවචනය වනු ඇත. එයින් අදහස් වන්නේ, ඔබ, ජාත්‍යන්තර ව්‍යාපාර විනිමය අනුපාතික ඉහළ පහළ යාම පිළිබඳව දැඩි අවධානයෙන් සිටිය යුතු බවයි. උදාහරණයක් ලෙස, ඔබ යුරෝපයේ අලෙවි කරන හෝ යුරෝපීය සැපයුම්කරුවන් සමඟ ගනුදෙනු කරන ශ්‍රී ලංකාව පදනම් කරගත් ව්‍යාපාරයක් නම්, ජාත්‍යන්තර ගෙවීම් සඳහා ඔබේ මුදල් ඒකක යුගලය රුපියල්/යුරෝ වේ. මෙහිදී ඔබ මතක තබා ගත යුතු දෙය නම්, සියලුම මුදල් ඒකක වල මෙන්, මෙහිදීද, විනිමය අනුපාතය ස්ථිතික නොවන බවයි.

යම් දිනකදී මෙය එය ඔබට වාසිදායක විය හැක. එනම්, යුරෝවට සාපේක්ෂව රුපියල වැඩි වී ඇති විටෙකය. නමුත් ඇතැම් දිනයන්හි, එය ඔබට එරෙහිව ක්‍රියා කළ හැකි බැවින් ඔබට යුරෝ සඳහා විනිමය වශයෙන් රුපියල් අඩුවෙන් ලැබෙනු ඇත. විනිමය අනුපාත උච්චාවචනයන් සමඟ රැඳී සිටීමට, ඔබ අනුපාත අනතුරු ඇඟවීමේ සේවාවක් (Rate Alert Service) භාවිතා කළ යුතු අතර, එමඟින් ඔබේ ව්‍යාපාරය සඳහා අනුපාත යහපත් වන්නේ කවදාදැයි ඔබට දන්වනු ඇත. බොහෝ සමාගම් මෙම සේවාව සපයන අතර, සාමාන්‍යයෙන් ඔබගේ මුදල් ඒකක යුගලය ඔබ අපේක්ෂිත අගයට ළඟා වූ විට විද්‍යුත් තැපෑලක් හෝ කෙටි පණිවිඩයක් ලැබීම මෙම සේවාවන්ට ඇතුළත් වේ.

ඔබ විදේශීය සමාගම් වලින් මිලදී ගන්නා නිෂ්පාදන සහ සේවා සඳහා ඩොලර් වලින් ගෙවීම් කිරීම

මෙම අවස්ථාවෙහිදී, ඔබ ගෙවිය යුතු මුදලට වඩා වැඩි මුදලක් ගෙවනු ඇත. සමහර සැපයුම්කරුවන් මෙහිදී “පෑඩ්” (PAD) ක්‍රමයක්; එනම්, එක්සත් ජනපදයේ මිල සමාන අගය තීරණය කිරීමේදී විනිමය අනුපාතය වැඩි කිරීමක් සිදුකරයි. ඔබ ඔබේ ගනුදෙනුකරුවන්ගෙන් දේශීය මුදලින් අය කර ඇත්නම් සහ, එය ඩොලර්වලට හුවමාරු කර ගැනීමට ඔබේ බැංකුව සමඟ කටයුතු කළහොත්, ඔබට අවසානයේ අඩු මුදලක් ගෙවිය හැකිය.

විදේශ මුදල් ගිණුමක් තිබීම ඔබට වාසිදායක විය හැක

ඔබේ ව්‍යාපාරය නිශ්චිත විදේශ මුදලකින් ගෙවීම් යවන්නේ සහ ලබන්නේ නම්, ඔබට විදේශ මුදල් ගිණුමකින් මුදල් ඉතිරි කිරීමක් බලාපොරොත්තු විය හැකිය. එවන් ගිණුමක් නොමැතිව විදේශ මුදල් වලින් ගෙවීම් යැවීමට සහ ලැබීමට හැකි වුවද, එවැනි ගිණුමක් ඔබට විනිමය අනුපාතිකය ඉතිරි කර ගැනීමට උපකාරී වේ. ඔබ විදේශ මුදලකින් ගෙවා එය ඔබගේ ගිණුමට තැන්පත් කරන්නේ නම්, පසුව ඔබට එය විදේශ විකිණුම්කරුවෙකුට ගෙවීමට භාවිතා කළ හැක. එය ආපසු මුදල්වලට හුවමාරු කිරීම වෙනුවට එය ගිණුමේ තබා ගැනීමෙන්, එය හුවමාරු කර ගැනීමට ඔබට ගෙවීමට සිදු නොවේ.

අප දැනට පවතින අභිය්පෙගාත්මක කාළය තුල, FOREX ක්‍රියා කරන ආකාරය සහ එය ඔබේ ව්‍යාපාරයට බලපාන ආකාරය අවබෝධ කර ගැනීම ඉතා වැදගත් වේ. එමනිසා, FOREX ප්‍රවණතා ගැන නිතරම කියවීමටත්, පර්යේෂණ කිරීමටත් සහ යාවත්කාලීනව සිටීමටත් මතක තබා ගන්න.

තවත් වටිනා ව්‍යාපාරික දැනුම සඳහා අපේ වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

Get in Touch

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_imgspot_img

Related Articles

spot_img

Get in Touch

Latest Posts

X