spot_imgspot_img

කොටස් වෙළඳපොළ ගැන ඔබේ අදහස කුමක්ද?

රටේ ජනමාධ්‍ය කොටස් වෙළඳපොළ පිළිබද මෙතරම් සැලකිලිමත් වන්නේ ඇයි? එය සරල මෙන් ම සංකීර්ණ කරුණක් ද වනවා. මෙහිදී අපි සාකච්ඡා කරන්නේ කොටස් වෙළඳපොළේ  ලියාපදිංචි වන ආකාරය හා ඔබගේ සමාගමේ හිමිකාරීත්වය පොදු මහජනයා වෙත අලෙවි කිරීම පිළිබඳ වන කාරණාව පිළිබඳවයි.

කොටස් වෙළඳපොළ යනු කුමක්ද?

ගැනුම්කරුවන් හා විකුණුම්කරුවන් හමු වී තමන්ගේ කොටස් හා හිමිකම් හුවමාරු කර ගැනීම උදෙසා භාවිත කරන වෙළඳපොළ, සරලවම කොටස් වෙළදපොළ ලෙස හැඳින්විය හැකියි. කොටසක් හෝ හිමිකමක් (stock or shares) යම් කිසි ව්‍යාපාර සංවිධානයක අයිතිවාසිකමක් නියෝජනය කරනු ලබනවා.

එම සංවිධානය එක් පුද්ගලයෙකුගේ හෝ කුඩා කණ්ඩායමක අරමුදල් මත ගොඩනැගුණු සංවිධානයක් විය හැකියි. නමුත්  ව්‍යාපාර ලෝකයේ සිදු වූ ප්‍රසාරණය හා ආර්ථිකයේ සිදු වූ දියුණුවත් සමඟ මහා පරිමාණ ව්‍යාපාරවලට මෙවන් අරමුදල් සම්පාදනය කරලීම් ප්‍රමාණවත් වුණේ නැහැ. මෙනිසා පොදු සමාගම් (Public Companies) යන සංකල්පය ගොඩනැගෙනවා. ඒ අනුව ව්‍යාපාරික සංවිධාන, තම සංවිධානවල හිමිකාරීත්වයේ යම් ප්‍රතිශතයක් කොටස් වශයෙන් යම් නිශ්චිත මුදලකට මහජනයා වෙත අලෙවි කිරීම ආරම්භ කරනවා. මේ අනුව වැඩිම කොටස් හිමිකාරත්වයක් ඇති පුද්ගලයාට ව්‍යාපාර සංවිධානය තුළ තීන්දු තීරණ ගැනීමේ වැඩි අයිතියක් හිමිවනවා. කොටස් වෙළඳපොළ පිළිබඳ සරලම සංකල්පය මෙයයි. නමුත් අද වන විට මෙම සංකල්පය පැවතියාට වඩා තරමක් සංකීර්ණ වී තිබෙනවා.

ඕනෑම කෙනෙකුට ව්‍යාපාරයක් ආරම්භ කොට ව්‍යාපාර කොටස් පොදු ජනයා වෙත ඉදිරිපත් කළ හැකිද ?

මහජන උපදානයක් කළ හැක්කේ කාහටද?

ඕනෑම අයෙකුට ව්‍යාපාර සංවිධානයක් පිහිටුවා එහි කොටස් වෙළදපොළේදී මහජනයා වෙත කොටස් ඉදිරිපත් කළ නොහැකියි. ඉතාම ප්‍රාථමික මට්ටමේ දෛනික ආදායමක් පමණක් ලබන ව්‍යාපාරවලට කොටස් වෙළඳපොළ තුළ ආයෝජනය කළ හැකි යැයි ඔබ සිතනවාද? නැහැ, එසේ සිදු කරන්නනට බැහැ. කොටස් වෙළඳපොළට පිවිසිය හැක්කේ සීමා සහිත පොදු සමාගම්වලට  (Public Limited Company – PLC) පමණයි. එවන් සමාගමක් ලියාපදිංචි කිරීම එතරම් පහසු නැහැ. කෙසේ වෙතත් ඔබ සීමා සහිත පොදු සමාගමක් ලියාපදිංචි කළ පසු ඔබට IPO එකක් පවත්වා ගැනීමට හැකියාව ලැබෙනවා. දැන් ඔබ සිතනවා ඇති IPO එකක් කියන්නේ මොකක්ද කියලා.

IPO හා SPOs

“IPO – Initial Public Offering” යන යෙදුමෙන් කියවෙන්නේ මූලික පොදු උපදානයක් යන්නයි. එම යෙදුම යොදා ගනු ලබන්නේ ප්‍රථම වතාවට ව්‍යාපාරයක කොටස් නිකුත් කිරීම සිදු කරන විට එය හැදින්වීම පිණිසයි. මෙම නාමකරණය ලැබීමට පෙර උක්ත ව්‍යාපාරය පුද්ගලික ව්‍යාපාරයක් ලෙස සලකනවා. එයට හේතු වන්නේ එම නාමකරණය ලැබීමට පෙර එම ව්‍යාපාරය ලියාපදිංචිය  ලබන්නේ පුද්ගලික ව්‍යාපාර යන ගොණුව තුළ වීමයි. කෙසේ වුවද IPO තත්ත්වය ලැබීමෙන් පසු එම සමාගමේ කොටස්වල හිමිකාරත්වය ලැබීමේ හැකියාව පොදු ජනයාටත් ලැබෙනවා. IPO එකෙන් පසුව සිදුවන සෑම අර්පණයක්ම “SPO- or a Secondary Public Offering” හෙවත් “ද්විතියික පොදු අර්පණ”  ලෙස සැලකෙනවා. එය සමාගමේ හිමිකාරීත්වය තවදුරටත් තන්වීකරණයට (dilution) හේතුවනවා.

ඕනෑම කෙනෙකුට සමාගමක කොටස් උපදානය කිරීම තුළින් පහසුවෙන්ම මුදල් උපයාගත හැකිද? සියලු දෙනාම එසේ නොකරන්නේ ඇයි?

සීමා සහිත පොදු සමාගමක් පිහිටුවීම සියලු දෙනාටම ප්‍රතිලාභයක් නොවන්නේ ඇයි?

සීමා සහිත පොදු සමාගම් පිහිටුවීම බොහෝ සංවිධාන එහි අවසාන මූල්‍ය උත්පාදන ක්‍රමය ලෙස තෝරා ගන්නේ, එය ඉතා වියදම් සහිත මූල්‍ය උත්පාදන ක්‍රමයක් වන නිසයි. එය සමාගමේ මුල් අයිතිකරුවන්ට එහි තීරණ ගැනීමට ඇති අයිතිය කැප කිරීමට සිදු වන ක්‍රියාවක් වනවා.

මෙමඟින් එම සමාගමේ හිමිකාරීත්වය තන්වීකරණයට ලක් වීම සිදු වනවා. මෙවන් තත්ත්වයන් යටතේ ඔබ ව්‍යාපාරය ආරම්භයේදී ඔබ අදහස් කරන ලද ගමන් මගෙන් ව්‍යාපාරය ඉවත්ව වෙනම මගක ගමන් කිරීමක් සිදුවිය හැකියි. ඔබ එම අවදානම ගැනීමට සූදානම් නම්, පොදු ජනයා වෙත ව්‍යාපාරය ගෙන යාම ඉතා ලාභ ඉපැයිය හැකි ක්‍රමයක් ලෙස හැඳින්විය හැකියි. ව්‍යවසායකයෙකු වීම ම අවදානමක් ගැනීමක් වනවා. ඉතින් මේ ගැනත් ඔබ මඳක් සිතා බලන්න. එසේම පොදු ජනයා වෙත කොටස් නිකුත් කිරීම නියාමන වියදම් වැඩි වශයෙන් ඉහල යාමට හේතුවක් ලෙස දක්වන්නටත් හැකියි. එමෙන් ම ඔබට නීති, රෙගුලාසි, ප්‍රමිතීන් හා යහපුරුදු රාශියකට යටත්වීමටත් සිදුවනවා. ඔබේ ව්‍යාපාර සහකරුවන් සමඟ සාකච්ඡා කර මේ උදෙසා වන වියදම හා ඒ සදහා කැප කළ යුතු ශ්‍රමය පිළිබඳව පර්යේෂණයක් සිදු කර බලන්න. එසේම මේ සමඟ බැඳි  නෛතික තත්ත්වයන් පිළිබඳවත් විමසා බලන්න. ඉන් පසුව ඉදිරියට යන්න.

Get in Touch

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_imgspot_img

Related Articles

spot_img

Get in Touch

Latest Posts

X