spot_imgspot_img

නවකයින් උදෙසා මාර්ගගත (Online) අලෙවිකරණ මාර්ගෝපදේශය

මීට වසර 30 කට පමණ පෙර, ආයතනික ලෝකයේ මාර්ගගත (Online) අලෙවිකරණය සැලකුණේ නොවැදගත් අංගයක් ලෙසිනි. කෙසේ වෙතත්, ආයතනයකට තම නිෂ්පාදන අලෙවිකරණය සඳහා ලබා ගත හැකි අංක එකේ මෙවලම බවට එය අද පත්ව ඇති බවට ඌණ පූරණ අවැසි නොවේ. අන්තර්ජාලය සෑම කෙනෙක් වෙතම පාහේ පිවිස ඇති බව නොරහසකි. ඔබගේ අභිමතය පරිදි කුමන ආකාරයේ මාර්ගගත අලෙවිකරණයක් තිබේදැයි අපි විමසා බලමු. එවිට ඔබට හා ඔබේ සංවිධානයට වඩාත් සුදුසු දෑ තෝරාගෙන ඔබේ ඉලක්කගත ප්‍රජාව වෙත ළඟා වීමට හැක.

සමාජ මාධ්‍ය සහ ජාලකරණය

වර්තමාන වෙළඳපොළ් ඔබ සතුව ඇති ශක්තිමත්ම මාර්ගගත  අලෙවිකරණ මාධ්‍ය බවට සමාජ මාධ්‍ය පත්ව ඇත. විශාල සමාගම් සිය අයවැයෙන් මිලියන ගණනක් සමාජ මාධ්‍ය අලෙවිකරණ ව්‍යාපාර සඳහා වියදම් කරනු ලබයි. ඊට හේතුවන්නේ, සමාජ මාධ්‍ය යනු හුදෙක් රූපවාහිනිය හෝ වෙනත් විකාශන ක්‍රම වැනි ඒකදිශානතික (one way) සන්නිවේදන ක්‍රමයක් නොවීමයි. ඔබේ ඉලක්ක වෙළඳපොළ සමඟ තථ්‍යකාලීන අන්තර්ක්‍රියා (real-time interaction) සිදු කිරීමට  ඔබට සිදුවේ. එහිදී තත්පර ගණනක ඇසිල්ලකින් ඔවුන්ගේ රුචි අරුචිකම් පිළිබඳව ඔබට සොයාගත හැක. එමෙන්ම, ඔබට පරිපූර්ණ ඉලක්කගත අලෙවිකරණ ව්‍යාපාරයක් දියත් කළ හැකි වන අතරම, එය ඔබට අවැසි අය අතරට පමණක් ගෙන යාමටද හැකිවනු ඇත. උදාහරණයක් ලෙස, ඔබ තොල් ආලේපන විකුණන්නේ නම්, ඔබේ වෙළඳ දැන්වීම නිශ්චිත වයස් සීමාවක කාන්තාවන් හට පමණක් පෙන්වීමට ඉලක්ක කළ හැකිය. එය කාර්යක්ෂම හා ඵලදායි ක්‍රමයකි.

තවද, වෙබ් අඩවිවලට ප්‍රවේශ වීමට ඔබට සමාජ මාධ්‍ය වෙබ් අඩවි භාවිතා කළ හැක. එමෙන්ම පාඨකයින්  ආකර්ෂණය කර ගන්නා අන්තර්ගතයන් නිර්මාණය කිරීම සහ කට වචනයෙන් (word of mouth) සිදු කරන සමාජ මාධ්‍ය ප්‍රචාරණ හරහා අන්තර්ගතය බෙදා ගැනීමට ඔවුන් දිරිමත් කිරීම, සමාගමේ පක්ෂපාතිත්වය ව්‍යාප්ත කිරීම සහ ඔවුන් අතර ජාලයක් ගොඩනැංවීමද කළ හැක. එසේම ගනුදෙනුකරුවන් ඉලක්ක කිරීමට සහ පාරිභෝගික ප්‍රතිපෝෂණ ලබා ගැනීමට සමාජ මාධ්‍යවලට හැකියාවක් ඇත.

වෙබ් ප්‍රචාරණය

මේ සඳහා සමාගම් විසින් වෙබ් අඩවියක වෙළඳ දැන්වීම් අවකාශය හෝ අනුග්‍රාහක අවකාශය මිලට ගෙන, සඟරාවක හෝ පුවත්පතක, වෙළඳ සන්නාම පිළිබඳ දැනුවත්භාවය (brand awareness) වැඩි කරනා ආකාරයෙන්ම කටයුතු කරයි.  එසේ තමන්ගේ වෙබ් අඩවියට ප්‍රවිශ්ඨ වීම තුළින් අදාළ අලෙවිකරණ කටයුත්ත සිදු කරයි.

විද්‍යුත් තැපැල් අලෙවිකරණය (Email Marketing)

සබඳතා ගොඩනඟා ගැනීම, පක්ෂපාතිත්වය දිරි ගැන්වීම, පුනරාවර්තන ව්‍යාපාර (drive repeat business) මෙහෙයවීම සහ නව ගනුදෙනුකරුවන් ලබා ගැනීම සඳහා සමාගම් විසින් තෝරාගත් පුද්ගලයින් පිරිසකට ඔවුන්ගේ පණිවිඩය යැවීමට මෙම ලුහුබැඳිය හැකි සෘජු අලෙවිකරණය මාධ්‍ය (form of trackable, direct marketing) භාවිතයෙන් සිදු  කරයි. කෙසේ වෙතත්, Google Gmail’s Promotion filter හි මෙන්ම නිරන්තරයෙන් විකාශනය වන අයාචිත තැපැල් හඳුනාගැනීමේ තාක්ෂණය (spam detection technology) වැනි විශේෂාංග හඳුන්වාදීමත් සමඟ මෙම උපක්‍රමය වඩා ඵලදායි ලෙස යොදා ගැනීමට හැකියාව අහිමි වී ඇත.

සෙවුම් යන්ත්‍ර ප්‍රශස්තිකරණය (Search Engine Optimization – SEO) සහ අලෙවිකරණය

වර්තමානයේ, සංකේතාත්මකව කිසිවෙකු යම් දෙයක් සෙවීම සඳහා ගූගල් සෙවුම් ප්‍රතිඵල පිටුවක පහළටම නොයයි. එබැවින්, ඔබේ වෙබ් අඩවිය ඉහළට ප්‍රවර්ධනය කිරීම අත්‍යවශ්‍යම කරුණකි. සෙවුම් යන්ත්‍ර අලෙවිකරණය යනුවෙන් හැඳින්වෙන, ගෙවුම් වෙළඳ දැන්වීම් හරහා හෝ සෙවුම් යන්ත්‍ර ප්‍රශස්තිකරණය තුළින් සෙවුම් යන්ත්‍ර ශ්‍රේණිගත කිරීම ඉහළ නැංවීම සඳහා සමාගම් විසින් ඔවුන්ගේ වෙබ් අඩවියේ දෘශ්‍යතාවයට බලපෑම් කරන්නේ මේ නිසා ය.

අනුබද්ධ අලෙවිකරණය (Affiliate Marketing)

ව්‍යාපාරයන් ඔවුන් සමඟින් සබඳතා පවත්වනු ලබන පිරිස්වලට තම වෙබ් අඩවියට පැමිණීමට හෝ අනුබද්ධ අලෙවිකරණයෙන් ලබා ගත් ලෙවිකරණ උදෙසා ප්‍රතිලාභ ලබා දීම සිදු කරනු ලබයි. ඔබේ වෙබ් අඩවියට පුද්ගලයින් ගෙන ඒමට හෝ විකිණීමක් ආරම්භ කිරීමට අනුබද්ධ ආයතනය වෙනත් වෙළඳ දැන්වීම් ක්‍රම භාවිතා කළ හැකියි. අනුබද්ධ අලෙවිකරණය (Affiliate Marketing) සම්පූර්ණයෙන්ම මූල්‍යමය වශයෙන් මෙහෙයවනු ලබන බැවින් බොහෝ විට ආදායම් බෙදාගැනීම, විකිණීම සඳහා ගෙවීම් කිරීම හෝ වන්දි ගෙවීමේ ක්‍රමය ලෙස එක් ක්‍රියාමාර්ගයක් සඳහා පිරිවැය භාවිතා කිරීම නිසා මෙය සම්බන්ධතාවය / විශ්වාසය මත පදනම් වූ යොමු අලෙවිකරණයෙන් වෙනස් වේ. එමෙන්ම, වර්තමානයෙහිදී  මහජන මතයට බලපෑම් කළහැකි සමාජ මාධ්‍ය ක්‍රියකාරීන් (Social media influencers) සඳහා ආයෝජනය කිරීමේ ප්‍රවණතාවක් පවතී. Instagram සහ YouTube වැනි සමාජ මාධ්‍යවල බලපෑම් සහගත ක්‍රියාවක් කළ හැකි පුද්ගලයින් විසින් පළකරන දෑ සඳහා විශාල පිරිසකගේ අවධානය යොමුවේ. ඔබගේ පාරිභෝගික ප්‍රජාව සහ අතිපිහිත (overlap) වන සක්‍රීය රසික ප්‍රජාවක් (active fan base) සිටිනා අයෙකුගේ වීඩියෝවක් සඳහා ආයෝජනය කිරීම ඔබට වඩාත් වාසිදායක වනු ඇත.

භාවිතය සඳහා:

Get in Touch

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_imgspot_img

Related Articles

spot_img

Get in Touch

Latest Posts

X