spot_imgspot_img

සමාගමක අධ්‍යක්ෂ මණ්ඩලය

ඕනෑම සමාගමක අධ්‍යක්ෂක මණ්ඩලය එහි හදවතට බඳු යැයි කිවහොත් එය මුසාවක් නොවේ. සමාගම සතු සියළුම මෙහෙයුම් කටයුතු තිරණය කිරීම ඔවුන් මත රඳා පවතිනවාක් මෙන් ම එම යාන්ත්‍රණයන් හි සක්‍රීය දායකත්වයක් ද ඔවුන් විසින් සපයනු ලැබේ. ව්‍යාපාරයක ඉදිරි ප්‍රගමනය වෙනුවෙන් අධ්‍යක්ෂක වරුන් පුළුල් දැක්මකින් සමන්විත වනවාක් මෙන් ම ඒ ඔස්සේ එම ව්‍යාපාරයන් හි දියුණුව කරා ගමන් කිරීමට උපකාරී වේ. සාමාන්‍යයෙන් කුඩා පරිමාණ ව්‍යාපාරයන්හි ආරම්භක ආයෝජකයින් ඒවායේ අධ්‍යක්ෂක මණ්ඩල වලට පත්වනු ලැබේ. එසේ වුවත්, ව්‍යාපාරය තව දුරටත් පුළුල් වීමේදී ඒවාට විධිමත් අධ්‍යක්ෂක මණ්ඩලයක් සිටීම අනිවාර්‍යය වේ. නීති රෙගුලාසි ද ඊට එක් හේතුවකි. මීළඟට අපි සමාගමක අධ්‍යක්ෂ මණ්ඩලයක ලක්ෂණ කවරේදැයි සොයා බලමු.

අධ්‍යක්ෂවරයෙකු හට ව්‍යාපාරයේ උපායය මාර්ගික අනාගතය පිළිබඳව නුවණින් විමසා බැලීමට හැකි විය යුතුයි. ඇතැමෙකු හට ඒ වෙනුවෙන් වන හැකියාව සාමාන්‍ය මට්ටමක පැවතියද තවත් අයෙකු හට විශේෂීකරණය වූ හැකියාවන් පැවතිය හැකියි. එමෙන් ම එවන් හැකියාවන් එම ව්‍යාපාරයට අමතර වටිනාකමක් එක් කරනු ලබයි. එසේ නම්, අධ්‍යක්ෂ වරයෙකු සතුව තිබිය යුතු යහපත් ගුණාංග කවරේදැයි අපි බලමු.

  • දූරදර්ශී භාවය
  • නැවුම් පර්‍යාලෝකය හෙවත් දැක්ම
  • ඉහළ කාර්ය සාධනය
  • දිගු කාලීන අත්දැකීම්
  • බහුවිධ සම්බන්ධතා

අධ්‍යක්ෂවරයෙකු සතු කාර්යභාරය කළමනාවරයෙකුගේ කාර්යභාරයට වඩා වෙනස් හා සංකීර්ණ වේ. කළමනාකරුවන් හා අධ්‍යක්ෂවරුන් අතර පවතින ශක්තිමත් සම්බන්ධතාව සමාගමෙහි ප්‍රගමනය තීරණය කරනු ලබනවා. අධ්‍යක්ෂවරයෙකුගේ නිශ්චිත ම භූමිකාව වන්නේ කුමක්දැයි අපි මීළඟට විමසා බලමු.

  • සමාගම වෙනුවෙන් උපායය මාර්ගික දැක්මක් ගොඩනැගීම.
  • සමාගමෙහි යහපාලනය වෙනුවෙන් අවකාශය සකස් කිරීම.
  • සුවිශේෂී දක්ෂතා වර්ධනය කළමනාකරණය කර සමාගමේ ප්‍රධාන තනතුරු සඳහා අනුප්‍රාප්තික මාර්ග සැලසුම් කිරීම.
  • ස්වාධීන විගණකවරුන් විසින් සමාගමේ ගිණුම් කටයුතු සහ වෙනත් ඕනෑම සංවේදී ක්ෂේත්‍රයන් විගණනය කිරීම අධීක්ෂණය කිරීම.
  • සමාගමේ අභිලාෂයන්  වෙනුවෙන් උපරිමයෙන් කටයුතු කිරීම.
  • සමාගම දියුණු කිරීමට අවශ්‍ය සම්බන්ධතා ජාලය ගොඩනැගීම.

ඊට අමතරව, බාධක ඔස්සේ සමාගම ඉදිරියට මෙහෙයවීමෙ වගකීම ද එහි අධ්‍යෂක වරුන් සතු වේ. එමෙන් ම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්ගේ දැනුම, අත්දැකීම් හා ප්‍රවීණත්වය මත බොහොමයක් දෑ පදනම් වේ. එබැවින්, ව්‍යාපාරයේ විවිධ වූ ගැටළු විසඳීම සඳහා කළමනාකාරීත්වය අධීක්‍ෂණයට සහ මගපෙන්විය හැකි අධ්‍යක්ෂ මණ්ඩලයක් තෝරා ගැනීම ඉතා වැදගත් වේ. ඉතින් ඔබත් තෝරාගෙන ඇත්තේ හොඳම අධ්‍යක්ෂ මණ්ඩලය දැයි නැවත සිතා බලන්න. එහි යම් අඩු ලුහුඬුකම් වේ නම්, ඒවා සපුරාලීමට ඔබ තවමත් ප්‍රමාද නැත.

Get in Touch

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_imgspot_img

Related Articles

spot_img

Get in Touch

Latest Posts

X