spot_imgspot_img

නිසියාකාරව ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ කෙසේද?

1. අභිප්‍රේරණය

ඔබට ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ඇති අභිප්‍රේරණය, ඔබ සතුව පවතින ‘මුදල් කළ හැකි’ කුසලතාවක් (ඔබ දක්ෂ ඡායාරූප ශිල්පියෙකු නම්, එය ව්‍යාපාරයක් ලෙස උත්සාහ නොකරන්නේ මන්ද?) හෝ ඔබගේ පෞද්ගලික අරමුණක් (ඔබට වසර 5 කින් රුපියල් මිලියන 10ක් අවශ්‍ය නම් සහ ඔබේ රැකියාවට ඔබව එම මට්ටමට ගෙන යා නොහැකි නම්, ව්‍යාපාරයක් හරහා එම ඉලක්කය වෙත යාමට උත්සාහ නොකරන්නේ මන්ද?) විය හැක. කෙසේවෙතත්, ඔබ තුළ ඇති පෙළඹීම සහ අභිප්‍රේරණය තවත් එක් සිතිවිල්ලක් නොවන බවත්, එය ක්‍රියාවට නැංවීමට අවශ්‍ය දේ ඔබ සතුව ඇති බවත්, තහවුරු කරගන්න.

2. ශක්‍යතාව

ඔබ ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ නම්, ශක්‍යතා අධ්‍යයනයක් අත්‍යවශ්‍යයි. එය, බොහෝ විට සැලසුම් කිරීම හා බැඳී ඇති චින්තන ක්‍රමයකි. ඔබ ඔබේ විෂය පථය තේරුම් ගන්නා ආකාරය, මුල්‍ය කළමනාකරණය කරනා ආකාරය, ඔබේ අවශ්‍යතා තේරුම් ගන්නා ආකාරය සහ ඔබ විසින් කරන ලද කටයුතු  සමාලෝචනය කරන ආකාරය යන දේ තුළින්, ඔබට සාර්ථකව ව්‍යාපාරයක් කරගෙන යෑමට හැකිවනු ඇතිද යන්න නිගමනය කරගත හැක. තවද, වෙළඳපොළ වාතාවරණය සහ ඔබට යෙදවිය හැකි සම්පත් සැලකිල්ලට ගනිමින් ඔබේ ව්‍යාපාරයේ සහ ව්‍යාපාර ආකෘතියේ ශක්‍යතාවද අධ්‍යයනය කළ යුතුයි. ඔබේ ව්‍යාපාරයේ සාර්ථකත්වය උදෙසා ශක්‍යතා අධ්‍යයනයක් කිරීම අත්‍යවශ්‍යය වේ.

3. ආරම්භක අවශ්‍යතා

ඔබට ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවශ්‍යද? විශිෂ්ටයි! එම උනන්දුව මැකී යාමට පෙර, ඔබ එය ක්‍රියාවට නැංවීම සඳහා කළ යුතු දේ පිළිබඳ ලැයිස්තුවක් සකසන්න. ඔබ දැන් ඉදිරියට යෑමට සුදානම්. මෙම ලැයිස්තුවට සාධක කිහිපයක් ඇතුළත් විය යුතුයි:

  • ශක්‍යතාව තීරණය කිරීම
  • ව්‍යාපාර සැලැස්මක් සැකසීම
  • අරමුදල් සොයා ගැනීම
  • ව්‍යාපාර නාමයක් තෝරා ගැනීම
  • ව්‍යාපාර බලපත්‍ර සහ නීතිමය අවශ්‍යතා හඳුනා ගැනීම
  • වගකීම් පැවරීම
  • ව්‍යාපාර ලියාපදිංචිය

4. ව්‍යාපාර සැලැස්ම

ව්‍යාපාර සැලැස්ම යනු ඔබේ ව්‍යාපාරයේ පදනමයි. එය ඔබේ ව්‍යාපාරයේ අදියරයන් හරහා  ඉදිරියට යාමට ඔබට මග පෙන්වන අතර, එය ඔබේ ව්‍යාපාරය වර්ධනය සදහා උපකාරී වේ. ව්‍යාපාර සැලැස්මක් නිර්මාණය කිරීමේ නිශ්චිත ක්‍රමයක් නොමැත. ඔබගේ අවශ්‍යතාවය අනුව ඔබේ සැලැස්ම වෙනස් කර ගත හැක. කෙසේ වෙතත්, වඩා හොඳ ව්‍යාපාර සැලැස්මක් සකස් කර ගැනීම ඉතා වැදගත් වේ. මන්දයත්, හොඳ සැලැස්මක් සහ දැක්මක් ඇති ව්‍යාපාරයක් සඳහා ආයෝජකයින්ගේ සහාය ලැබීමට ඇති අවස්ථා ඉහළ වන බැවිනි. එබැවින්, ඔබගේ ව්‍යාපාරයට සැලැස්මක් සකස් කරන්න – කල්තියා මේ ගැන සිතන්න!

5. මුල්‍ය අවශ්‍යතා + ආරම්භක ප්‍රග්ධනය

සෑම ව්‍යාපාරයක්ම ආරම්භ කර ඇත්තේ තමන්ට අවැසි තරමටත් වඩා මුදල් ඇති පුද්ගලයන් නොවේ. කෙසේ වෙතත්, ඔබ සතුව පවතින බොහොමයක් විශිෂ්ට අදහස් ක්‍රියාත්මක කිරීමට නම්, ඔබට මුදල් අවශ්‍ය වනු ඇත. අරමුදල් සම්පාදනය කිරීමේ ක්‍රමවේදයන් වෙත අවධානය යොමු කළ යුතු වන්නේ මෙහිදීයි. ඔබ ඔබේ ව්‍යාපාරයට යොදවන ප්‍රාග්ධනයට අමතරව, ඔබට බැංකු ණය, ව්‍යාපාර ප්‍රාග්ධනය සැපයුම්කරුවන්ගේ මුදල්, ඒන්ජල් ආයෝජකයින්ගේ (Angel investors) මුදල්, පොදු අරමුදල් (Grants) ආදිය ලබාගත හැක. තිරසර හා ලාභදායී ශක්තිමත් ව්‍යාපාරික සංකල්පයක් ඔබ සතුව ඇත්නම්, ඔබ වෙනුවෙන් ආයෝජනය කිරීමට ආයෝජකයින් බලා සිටිනු ඇත.

Get in Touch

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_imgspot_img

Related Articles

spot_img

Get in Touch

Latest Posts

X