spot_imgspot_img

ඔබ මෙම මූල්‍යකරණ විකල්ප ගැන සිතුවාද?

සාම්ප්‍රදායික මූල්‍යකරණය (Traditional Financing Models) රඳා පවතින්නේ, පිළිගත් බැංකු හා මූල්‍ය අංශ (well-established banking and financial sector), භෞතික වටිනාකම් (physical value) හා එම භෞතික වටිනාකම් මත පදනම්ව එම වෙළද සමාගමට වෙළදාමෙහි යෙදීමට ඇති හැකියාව (ability for companies to trade in physical value)  මතයි. අදවන විට ව්‍යාපාර සදහා මුදල් යොදවන ක‍්‍රමවේදයන් පෙරට වඩා නම්‍යශීලී වීම හා ඒ සදහා බොහෝ මූලාශ‍්‍ර පැවතීම යහපත් ප්‍රවණතාවයකි. අන්තර්ජාල යුගයත් සමඟ මතුවී තිබෙන ආකෘතින්,  සාම්ප්‍රදායික මූල්‍යකරණ ආකෘතිවලට වඩා දියුණු වී ඇත්තේ ඒවා වෙත පිවිසීමට හා උපයෝජ්‍යතාවට (Access and availability) පවතින කොන්දේසි වඩාත් නම්‍යශීලී වීම හේතුවෙනි.

එම ආකෘති කිහිපයක් මෙසේ හඳුන්වා දිය හැක.

  • “Factoring”  තුළින් මුදල් අවශ්‍යතා සපුරාලීම සඳහා ව්‍යාපාරයකට තම ගිණුමේ ලැබිය යුතු මුදල් මූල්‍ය සමාගමකට ‘විකිණීමට’ අවස්ථාව ලබා දෙයි. 
  • මෙය ව්‍යාපාරයක අනපේක්ෂිත හා හදිසි මුදල් අවශ්‍යතා සපුරා ගැනීමට නිතරම යොදා ගැනේ. 
  • සාමාන්‍යයෙන්  මූල්‍ය සමාගම් මෙකී ලැබිය යුතු මුදල් පවතින ගිණුම් ‘මිල දී ගැනීම’ සිදු කරන්නේ 70% ත් 90% අතර වූ වට්ටම් සහිතවයි. මෙය පවතින අවස්ථාව, සමාගම අනුවද වෙනස් විය හැකියි. 
  • මෙකී ක්‍රමය වඩාත් උචිත වන්නේ ණය පදනම මත විකිණුම් සිදු කරන ව්‍යාපාරවල මුදල් අවශ්‍යතා සඳහායි. 
  • එසේම සහතික විකිණුම් සහිත හා කෙටි කාලීන (මාස 3ත්-6ත් අතර) මූල්‍යකරණ අවශ්‍යතා පවතින ඕනෑම ව්‍යාපාරයකට ද මෙය වඩාත් ගැළපේ.
  • වේගයෙන් වර්ධනය වන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශය විසින් මෙහෙයවනු ලබන තාක්ෂණික කර්මාන්ත තුළ වඩාත් ජනප්‍රිය ක්‍රමයක් ලෙසට මෙය හැඳින්විය හැකියි. 
  • බොහෝ විට “Angel investor” ලෙස හදුන්වන්නේ ශක්තිමත් ව්‍යාපාරයක ආයෝජනය කර එහි ප‍්‍රතිලාභ වශයෙන් “Convertible Debt” (කොටස් හිමිකමක් බවට හැරවිය හැකි ණය) හෝ ව්‍යාපාරයේ කොටසක් බලාපොරොත්තුවෙන් ආයෝජනය කරනු ලබන ධනවත් පුද්ගලයෙකු වේ.
  • ලිපි කටයුතු, බැංකු ණයවලට වඩා මෙය ඉතා පහසු වුවත් ආයෝජකයාට ඉහළ ආයෝජන අවදානමක් (High Investment Risk) සහ අලාභය/ව්‍යවසායකයා කෙරෙහි පවත්නා අධිකාරීත්වය පහල බැසීම යන අවාසි ද මෙහි පවතියි. 
  • “Crowdfunding Platforms” සහ “Lankan Angel Network” වැනි සංවිධාන බොහෝ අවස්ථාවලදී ව්‍යවසායකයන්ට ගැළපෙන “Angel investments” සොයා දීම සිදු කරනු ලබයි.

Micro finance

  • බංගලාදේශයේ Grameen බැංකුව විසින් ප්‍රසිද්ධියට පත් කර ඇතැ’යි පැවසිය හැකි, “Microfinance” ආකෘතිය තුළ, අතිශයින්ම මූල්‍ය දුෂ්කරතාවලට පත් වූ කණ්ඩායම් ඉලක්ක කර ගත් ක්ෂුද්‍ර ණය (Micro loans) පහසුකම් ලබා දීමේ වැඩසටහන්වල සිට විශේෂ කර්මාන්ත සඳහා ආධාර ණය යෝජනා ක්‍රම දක්වා පුළුල් පරාසයක සේවා ඇතුළත් වේ. 
  • නියම ක්ෂුද්‍ර මූල්‍ය ආයතනයක් වන්නේ නම්, එයින් ණය ලබා ගන්නන් වෙත, උපදේශන සේවාවක් හා පුහුණුවක් ආදිය ද ලබා දේ. 

“අඩු ආදායම්ලාභීන් සඳහා වන මූල්‍යමය සේවා විධිවිධාන” ලෙස හදුන්වන, ක්ෂුද්‍ර ණය වැනි මූල්‍ය යෝජනා ක‍්‍රම (microfinance schemes) පහසු වාරික ගෙවීමේ විකල්ප ඇති හා ඇපකර රහිත ණය දීම් වේ.

Crowd funding

  • Kickstarter වැනි වෙබ් අඩවි පදනම් කරගන්නා ලද මුලපිරීම්වලින්  ගෝලීය වශයෙන් ජනප්‍රියත්වය හිමි කර ගෙන ඇති සමූහ අරමුදල් ආකෘතිය (Crowdfunding) තුළින් යම් නිෂ්පාදිතයක් හෝ මහජනයාට සේවාවක්  සිදු කිරීමේ අවස්ථාව සහිත ව්‍යාපාරයක් නිර්මාණය කරන අතර අතර එමගින් මිනිසුන්ට වෙළඳපළට කුඩා ප්‍රමාණයේ අරමුදල් රැගෙනැවිත් කොටස් කරුවෙකු වීමට අවස්ථාව ලබා දේ. 
  • බොහෝ විට මුදල් යොදවන පාර්ශවයන්ට ත්‍යාග ලබාදීම සිදු කරයි. උදාහරණයක් ලෙස මුදල් යොදවන ලද මෘදුකාංගයේ පිටපත් නොමිලයේ ලබා දීම හෝ නිර්මාණය කරන ලද උපකරණය මිල දී ගැනීමේදි වට්ටම් ලබා දීම දැක්විය හැකියි. 
  • මෙය හසුරනු ලබන්නේ “Crowdfunding Platforms” හි අදාළ රෙගුලාසිවලට අනුකූලව වන අතර වෙනත් උචිත රාජ්‍ය නීති රෙගුලාසි මඟින් මෙය පාලනය කෙරෙයි. එසේම මෙය අඩු අවදානම් පහසු මූල්‍යකරණ යන්ත්‍රණයක් ලෙසට සැලකේ.

Get in Touch

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_imgspot_img

Related Articles

spot_img

Get in Touch

Latest Posts

X