spot_imgspot_img

ඵලදායී ඉදිරිපත් කිරීමකදී කළ සහ නොකළ යුතු දේ

ඕනෑම ලේඛකයෙකුට අනන්‍ය වූ වචන, අදහස් හා විශිෂ්ට ගණයේ ප්‍රස්තුත තිබිය හැකියි. නමුත් ගැටලුව වන්නේ ඔහුගේ ලේඛන කුසලතාව Rachel’s waitressing skills තරමට සමාන වන්නේ ද යන්නයි. වාචිකව කරනු ලබන ඉදිරිපත් කිරීමක් වුවත් කරුණු එසේය. එහිදී ඔබ කරුණු ඉදිරිපත් කරනු ලබන ආකාරය අසංවිධානාත්මක වන්නේ නම් ඔබේ අදහස නිසි  පරිදි ප්‍රකාශ කිරීමට නොහැකි වනු ඇත. දුර්වල ඉදිරිපත් කිරීම් විසින් ඔබට සෑම අවස්ථාවකදීම පරාජයන් අත්කරදීම සිදු කරනු ඇත. සරලව කිවහොත් ඔබ දක්ෂ ඉදිරිපත් කරන්නෙකු විම ඉතාම වැදගත් වනවා.

ඉදිරිපත් කිරීමේ කුසලතා වර්ධනය කරගත හැක්කේ කෙසේද?

සිදු කළ යුතු දේ

  • ඔබේ ඉලක්කගත ග්‍රාහකයා හෝ ප්‍රේක්ෂකයා නිවැරදිව හදුනාගන්න.
  • අවම වශයෙන් කතා කිරීමට සූදානම් වන කරුණු අතරින් කරුණු තුන හතරක් පිළිබදව හෝ බුද්ධි කලම්බන අභ්‍යාසවල නිරත වන්න.
  • ඉදිරිපත් කිරීම සිදු කරන ස්ථානය හා යොදා ගන්නා උපකරණවලට සමීප බවක් ඇති කර ගන්න.
  • සරල වාක්‍ය රටා යොදා ගන්න.
  • උදාහරණ භාවිත කරමින් පැහැදිලි කිරීම් කරන්න.
  • ඉදිරිපත් කිරීම කීප විටක් පුහුණුවන්න.
  • ඉදිරිපත් කිරීම සිදු කරන්නට පෙර ගැඹුරු හුස්මක් ගෙන සැහැල්ලු වී ඔබේ ප්‍රේක්ෂකාගාරයට දෙස සිනා මුසු මුහුණෙන් යුතුව සිටින්න.
  • වචන පමණක් ම ප්‍රමාණවත් නොවේ. වඩා හොඳ හැඟීම් දැනවීම සඳහා භාව ප්‍රකාශන හා අභිනයන් යොදා ගන්න.
  • ප්‍රේක්ෂකාගාරය සමඟ ඇසෙන් ඇස ගැටීම් පවත්වා ගන්න.
  • ප්‍රේක්ෂකයින් සමඟ මිස, ඔවුන් පිළිබදව සාකච්ඡා නොකරන්න.
  • එය ඔබගේ තනි ඉදිරිපත් කිරීමක් යැයි නොසිතන්න. ප්‍රේක්ෂකාගාරයත් ඔබ සමඟ  හවුල් කරගන්න.
  • ඒකාකාරී බවින් මිදෙනු වස්, සුදුසු පරිදි විනෝදාස්වාදය ගෙන දෙන වදන් භාවිත කරන්න.

සිදු නොකළ යුතු දේ

  • අනවශ්‍ය පරිදි සංකීර්ණ ශාස්ත්‍රීය වදන් හෝ හැඟවීම් භාවිත කිරීම.
  • ප්‍රේක්ෂකාගාරයට පසුපස හැරවීම.
  • එකම පුද්ගලයා මත හෝ ඉදිරිපත් කිරීම ඇති පුවරුව වෙත පමණක් දෑස් රදවා ගෙන සිටීම.
  • කතා කරන අතර වෙනත් කාර්යයක නියැලීම.
  • නිරතුරුව පමණට වඩා ඉදිරියට යාම මඟින් ප්‍රේක්ෂකාගාරයට අපහසුතාවක් ඇති කිරීම.
  • ඔබේ සාක්කුවේ ඇති යමක් අතපතා ගාමින් යකඩ කැබැලක් වැනි දෙයක් ස්පර්ශ කිරීම වැනි  දේ සිදු කර ඔබේ ප්‍රේක්ෂකාගාරය අපහසුතාවට ලක් කිරීම.
  • දෑත් අනවශ්‍ය පරිදි වැනීම.
  • ඉදිරිපසින් හෝ පසුපසින් දෑත් බැද ගෙන සිටීම.
  • කතා කරන අතරතුර දෑත් සාක්කුවේ බහා තබා ගැනීම.
  • නිසි පරිදි පිළිවෙළට ඇඳුම් නොඇඳීම හෝ අනවශ්‍ය පරිදි අලංකාර එයට එක් කරලීම.
  • කවුරුන්ගේ හෝ ශෛලියක් අනුකරණය කිරීම.

Get in Touch

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_imgspot_img

Related Articles

spot_img

Get in Touch

Latest Posts

X