spot_imgspot_img

කොටස් හිමියන්ගේ ගිවිසුම්

ඔබ විසින් ඇරඹීමට අදහස් කර සිටින ව්‍යාපාරය, ඔබගේ පවුලේ සාමාජිකයින් හෝ සමීප මිතුරන් හා එක්ව ගොඩනැංවීමට බලාපොරොත්තු වන්නේ නම්, ඔවුන් සමඟින් සමීපව හා සුහදව කටයුතු කිරීමට හැකි වන නිසා පැන නඟින ගැටළු ඉතා පහසුවෙන් විසඳාගැනීමට හැකි වේ යැයි ඔබට සිතෙනු ඇත. නමුත් අවාසනාවකට මෙන් ඕනෑම මොහොතකදී ගැටළු ඇතිවීමට හැකියාව පවතින අතර, ඇතැම් විටෙක එවන් ගැටළු විසඳාගැනීම තරමක් අසීරු විය හැකියි. එය එසේ වන්නේ, එක් එක් පුද්ගලයාගේ අදහස් ස්වාධීන වන නිසාවෙනි.

එබැවින්, ඔබ සමාගමෙහි කොටස් හිමියන්ගේ විවිධ අයිතිවාසිකම් සහ බැඳීම් සැලසුම් කිරීම සම්බන්ධයෙන් ඔබ, කොටස් හිමියන් අතර වන්නා වූ ගිවිසුමක් වෙනුවෙන් ඇති අවැසිතාවය බැහැර කිරීමට පෙළඹිය හැකියි. ඇතැම් විටෙක, කොටස් හිමියන් හා ඔබ අතර ඇතිවන්නා වූ ගිවිසුමක් මඟින් ඇතැම් ඥාතීන් හෝ මිතුරන් කෙරෙහි සැක සංකා ඇතිවීමට ඉඩක් ඇති බවත්, එය ව්‍යාපාරයෙහි සමබරව පවත්වාගෙන ආ අඛණ්ඩතාවයට ඉතා අයහපත් අන්දමින් බාධා ඇති කළ හැකි බවත් ඔබට සිතෙනු ඇත. එහෙත් සැබැවින් ම සිදුවන්නේ එහි විලෝමයයි.

ව්‍යාපාරය තුළ මනා සම්බන්ධතා ගොඩ නඟා ගැනීම සහ ව්‍යාපාරය ක්‍රියාත්මක වන අන්දම අනුව කොටස් හිමියන් අතර පවතින සබඳතාවයට විනිවිදභාවයක් ලබා දීම සඳහා කොටස් හිමියන්ගේ ගිවිසුමක් සකස් කෙරෙනු ලබයි. එය, සෑම කොටස් හිමියෙකු හටම එක්ව කටයුතු කිරීම සඳහා අවස්ථාව ලබා දෙයි. එතුළින්, ව්‍යාපාරය තුළ අසීරු අවස්ථාවන් උදා වීමට ප්‍රථමයෙන්, පැන නැඟෙන්නා වූ  විවිධාකාර මතභේදයන් නිරාකරණය කරගැනීමට අවස්ථාව ලබා දේ. සාමූහික තීරණ ගැනීමේ ක්‍රියාවලියක් තුළින් කොටස් හිමියන්ගේ ගිවිසුමක් ඔස්සේ ව්‍යාපාරික සුහදත්වය ද වර්ධනය වන අතර, ව්‍යාපාර සැලැස්මෙන් පරිබාහිරව කටයුතු සිදුවන්නේ නම්, එවිට ඒ සඳහා වන විසඳුම් එතුළින් ලබාගත හැකි වනවා. කොටස් හිමියන්ගේ ගිවිසුමක් පහත සඳහන් කරුණු වලින් සමන්විතයි.

අධ්‍යක්ෂක මණ්ඩලය:

  • සංයුතිය හා අධ්‍යක්ෂ මණ්ඩලය පත් කිරීම සම්බන්ධ නිශ්චිත විධිවිධාන
  • අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජික සංඛ්‍යාව
  • පැවැත්ම සහ විධායක නොවන අධ්‍යක්ෂවරුන් පත් කිරීම
  • අධ්‍යක්ෂවරුන්ගේ කොටස් හිමිකම

මෙය උපායමාර්ගික අධීක්ෂණ කාර්යභාරයක් වන අතර එය මහා පරිමාණ ව්‍යාපාරවල කළමනාකරණ කණ්ඩායමට වඩා වෙනස් විය හැකි නමුත් කුඩා පරිමාණ ව්‍යාපාරවල වඩා සුවිශේෂී අංගයක් නොවිය හැකියි. කොටස් හිමියන්ගේ ගිවිසුමට පහත සඳහන් දෑ ඇතුළත් විය හැකිය:

ඡන්ද හිමිකම:

සමාගම් පණතෙහි ඇතැම් පූර්ව අවශ්‍යතාවයන් මේ සඳහා දක්වා තිබෙනවා. ඇතැම් තීරණ සඳහා බහුතර ඡන්දය (51%) අවශ්‍ය වන අතර සමහර ඒවාට 75% බහුතර ඡන්දයක් අවශ්‍යයි. කෙසේ වෙතත්, සමාගමකට බලපෑම් කළ හැකි තීරණ කිහිපයක් (උදා: මූල්‍යකරණය, ප්‍රධාන අරමුණු) සමාගම් පණත ප්‍රේෂණයෙන් බැහැර වනවා. එබැවින් ඒවාට ප්‍රතිවිරුද්ධ විධිවිධාන නොමැති නම් ඒවා අධ්‍යක්ෂ මණ්ඩලයට තීරණය සඳහා අදාළ වනවා.

මීට අමතරව, කොටස් හිමියන්ගේ ගිවිසුම සංශෝධනය කළ හැක්කේ සියලුම කොටස් හිමියන්ගේ ඒකමතික එකඟතාවයෙන් පමණක් වන අතර, සංගමයේ ලිපි වෙනස් කිරීම සඳහා 75% ක බහුතරයක් පමණක් අවශ්‍යයි. එබැවින් කොටස් හිමියන්ගේ ගිවිසුම මඟින් සුළුතර කොටස් හිමියන්ට අමතර ආරක්ෂාවක් ලබා දීම සිදු කරනු ලබනවා.

මුදල් ප්‍රවාහ සලකා බැලීම:

පවත්නා කොටස් හිමියන් ආරක්ෂා කිරීම අත්‍යවශ්‍ය කරුණකි. කොටස් හිමියෙකුට කරනු ලබන ඕනෑම ගෙවීමක් සමාගමක මුදල් ප්‍රවාහයට බලපෑමක් නොවන ආකාරයට කටයුතු කිරිම ඉතා වැදගත්. කෙසේ වෙතත්, කොටස් හිමියන්ගේ ගිවිසුමේ සඳහන් වන ලෙස ගිවිසුමෙන් පිටවීමට තීරණය කරනා කොටස් හිමියන් හට ඔවුන්ගේ කොටස් සඳහා සාධාරණ වටිනාකමක් හිමිවන බව සහතික කිරීම සමාගමේ වගකීමකි.

කොටස් හුවමාරු කිරීම:

කොටස් හුවමාරු කිරීම නියාමනය කිරීම සඳහා පණවා ඇති විධිවිධාන තිබේ. උදාහරණයක් වශයෙන්,

පාලනය: සමහර ගනුදෙනු සඳහා නිශ්චිත කොටස් හිමියෙකුගේ කැමැත්ත අවශ්‍ය වේ.

පිටස්තර පුද්ගලයින්ට කොටස් හිමිකම ඇතිවීම වළක්වා ගැනීම: නව කොටස් හිමියන්ට කොටස් හඳුන්වා දීමට පෙර දැනට පවතින කොටස් හිමියන්ට එය ලබා දිය යුතුයි.

මරණය හෝ දික්කසාදය පිළිබඳ තත්වයන් සැපයීම: කොටස් කලත්‍රයාට හෝ කලත්‍රයාට අමතරව පවුලේ සාමාජිකයෙකුට පැවරීම.

කොටස් තක්සේරු කිරීම: කොටස් හිමියෙකු ගිවිසුමෙන් පිටවීමට කැමති නම්, තක්සේරු කිරීම් බෙදා ගැනීම සඳහා යම් යම් විධිවිධාන ගනු ලැබේ.

ආරවුල් විසඳීම:

කොටස් හිමියන්ගේ ගිවිසුම කොටස් හිමියන් අතර ඇති වන ආරවුල් විසඳීම සඳහා  යාන්ත්‍රණයක් සපයයි. තවද එම ආරවුල් රහසිගතව තබා ගත යුතු බවට ද එය සහතික කරනවා. සමාගම් කිහිපයක් බේරුම්කරණ වගන්තියක් එකතු කර ඇති අතර එමඟින් සියලු කොටස් හිමියන්ට බේරුම්කරුගේ තීරණයට අවනත විය හැකිය.

ලාභාංශ ප්‍රතිපත්තිය:

කොටස් හිමියන් අතර සහජීවනය පවත්වා ගැනීම සඳහා සමාගමට ලාභාංශ ප්‍රතිපත්තියක් තිබිය යුතුයි.

මෙම සාධකයන් කොටස් හිමියන්ගේ ගිවිසුමේ අඩංගු විය හෝ නොවිය හැක. සියලු කොටස් හිමියන්ගේ ගිවිසුම්, ව්‍යාපාරයේ සහ එහි කොටස් හිමියන්ගේ  විශේෂිත කොන්දේසි වලට සරිලන පරිදි සැකසෙන බව වටහා ගැනීම වඩා වැදගත් වේ.

Get in Touch

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_imgspot_img

Related Articles

spot_img

Get in Touch

Latest Posts

X